නියෝජ්‍ය කථානායකවරයා සිය අධ්‍යාපන සුදුසුකම් හෙළිකරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඒ, සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමිනි.

ඒ මහතා එහි සඳහන් කර ඇත්තේ තමන් 1986 වසරේදී පාකිස්ථානයේ මුල්තාන් හි නිෂ්තාර් වෛද්‍ය විද්‍යාලයෙන් MBBS උපාධිය ලැබූ බවයි. එමෙන්ම තමන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් උගුර, කන, නාසය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ද සම්පූර්ණ කර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

තමන් වෛද්‍යවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙහි ලියාපදිංචිව කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වසර 38ක් තිස්සේ සේවය කර ඇති බව පවසන රිස්වි සාලි මහතා එයින් වසර 12ක් තමන් රජයේ වෛද්‍යවරයකු වශයෙන් සේවය කර ඇති බවත් සඳහන් කර ඇත.

නායකත්වය පිළිබඳ විශ්වාසය සහ වගවීම පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය බැවින් තමන් මෙසේ සිය වෘත්තීය සුදුසුකම් ප්‍රසිද්ධියට පත්කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...