රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW :
කඩා වැටුණු ශ්‍රී ලංකාව යළි නගා සිටුවීම සඳහා රජය මගින් ක්‍රියාත්මක කර ඇති Rebuilding Sri Lanka වැඩපිළිවෙල අගය කරන බවත්, ඊට සහාය දැක්වීමට සුදානම් බවත් කැනේඩියානු රජය පවසයි.
විශේෂයෙන් ම කෘෂිකර්මාන්තය යළි නගා සිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බව, මෙරට කැනේඩියානු මහ කොමසාරිස් Isabelle Martin මහත්මිය සඳහන් කළේය.
ඇය මේ බව කියා සිටියේ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සමඟ ඊයේ (12) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති හමුවකදීයි .
ආපදා තත්ත්වය සහ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අදහස් පළ කළේ, අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතායි.
අමාත්‍යවරයා කියා සිටියේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදි කිරීමේ දී භූවිෂමතා සහ පරිසර තත්ත්වන සලකා බලමින් අවදානම් සහගත ස්ථාන සහ ප්‍රදේශ මග හැර අදාළ ඉදිකිරීම් සිදු කර දීම රජයේ අපේක්ෂාව බවයි ..
එසේ ම ආධාර ලබා දීමේ දී පසුගිය රජයන් සිදු කළ දේශපාලන හිතවත්කම් හෝ අමාත්‍යවරුන්ගේ පෞද්ගලික රුචිකම් වෙනුවට නව රජය විශ්වාසය තබන්නේ ග්‍රාම නිලධාරීවරයාගේ සිට ඉහළ ඇති රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි පමණක් බව ද ඔහු අවධාරණය කළේය.
ජනාධිපතිවරයාගේ අරමුණ වන්නේ ද කිසිවකු මග නොහැරෙන ආකාරයේ නැගී සිටුවීමේ ක්‍රියාවලියක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඊට විදේශ රටවලින් ලැබෙන සහාය අතිශය අගය කරන බවද පැවසීය.
