එක්දින තරගාවලි ජය බංගලාදේශ ගැටවරයන්ට

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW:

බංගලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේ සූරයන් වන්නට බංගලාදේශ කණ්ඩායමට හැකි වුණා.තරග 2-1 ක් ලෙස තරගාවලිය ජය ගනිමින් තෙවන එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් ගබා ගැනීමට බංගලාදේශය සමත් වුණා.


තෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක රෙහාන් පීරිස් පළමුව පන්දුවට පහර දීමට තීරණ කරනු ලැබුවා.එහෙත් ආරම්භය සටහන් කරන්නට පිටියට පැමිණි රෙහාන් මෙන්ම අරෝශ සිතුමිණ ද ඉක්මණින් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට බංගලාදේශ පන්දු යවන්නන්ට හැකි වුණා.


කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරන හිරුන් මතීශ (37) සහ කොළඹ මහානාමයේ සනුල් වීරරත්න (66) එක්ව පස්වන කඩුල්ලට ලකුණු 48 ක් ද,සනුල්, තවත් රාජකීයෙකු වන හිමරු දේශාන් (19) සමඟ එක්ව 6 වන කඩුල්ලට ලකුණු 56 ක් ද එකතු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම යම් ගෞරවණීය තැනකට ඔසවා තබන්නට විශාල උත්සාහයක් ගනු ලැබුවා.එහෙත් 9 වන කඩුල්ල ලකුණු 152 දී දැවී යාම නවතා ගන්නට සනුල්ගේ වෙහෙස සමත් වුණේ නැහැ.මෙහිදී වගකීම තමන් පිට පවරා ගත් මීගමුව හරිස්චන්ද්‍රයේ මිනුග නෙත්සර,මහානාමයේ පුල්ජිත් වත්සුක සමඟ එක්ව අවසාන කඩුල්ලට ලකුණු 27 ක සබඳතාවයක් පැවත්වූවා.එයින් ලකුණු 22 ක් ම මිනුගගේ පිත්තෙන් වාර්තා වුණා.


ලකුණු 179 යනු විශාල ලකුණු ප්‍රමාණයක් නොවුණ ද,ගිම්හාන් මෙණ්ඩිස් මුළු ලකුණු ප්‍රමාණය 1 ක් ව තිබියදී ඔවුන්ගේ පළමු කඩුල්ල දවා ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් කණ්ඩායමට එක්ව සිටින ගිම්හාන් මෙණ්ඩිස්ට හැකි වුණා.එහෙත් එහි වාසිය ශ්‍රී ලංකාව දෙසට හැරෙන්නට ඉඩ නොතැබූ බංගලාදේශ කණ්ඩායමේ පිතිකරණ හිසරද දෙක ලෙස මෙම තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාවට පීඩනය ඇති කළ ජරීෆ් සහ අද්රිටෝ මේ තරගයේදී ද අර්ධ ශතක වාර්තා කරන්නට සමත් වුණා.
ජරීෆ් සියාම් ලකුණු 51 ක් සහ අද්රිටෝ ගෝස් ලකුණු 54 ක් ලබා ගත් අතර කව්සර් අහමඩ් ලකුණු 30 න් ජයග්‍රහණය කරා යන ඉණිමට දායක වුණා.අවසන් මොහොතේදී බංගලාදේශ ජයග්‍රහණය වෙනුවෙන් ඉවසිල්වන්ත ලකුණු 33 ක් නොදැවී ලැබූ අතිකර් අකාස් ලකුණු 21 ට කඩුලු 4 ක් ලබමින් ශ්‍රී ලංකා ඉණිමට කළ බලපෑම ද සළකා තරගයේ වීරයා ලෙස නම් කරනු ලැබුවා.තරගාවලියේ වීරයා වූයේ ජයග්‍රහණය වෙනුවෙන් වටිනා ඉණිම දෙකක් දියත් කළ අද්රිටෝ ගෝස් ය.


කණ්ඩායම් දෙක අතර දකින්නට ලැබුණු සැළසුම් සහගත බව සහ ඉවසිලිවන්ත කම යන කාරණාවන්වලදී ශ්‍රී ලංකාවට වඩා බංගලාදේශය ඉදිරියෙන් සිටීම ඔවුන්ට ජයග්‍රහණය කරා යන්නට මඟ පෙන් වුවා.එම ගුණාංග වර්ධනය කරමින් ශ්‍රී ලංකා යෞවනයන් ඔවුන් සතුව ඇති කුසලතා තුළින් ඉදිරියට රැඟෙන යා හැකිනම් විශේෂයෙන් පිතිකරණයේදී ප්‍රවේගවත් ප්‍රහාරයම පමණක් විලාසිතාව කර ගැනීම නවතා,ලකුණුවලට පැමිණීමට විකල්ප මාර්ග සොයා දිය යුතුව ඇති බව මේ තරගාවලියේදී පැහැදිළි වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...