රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW :
2025 වසරේදී මෙන්ම පසුගිය 2024 වසරේදී මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් විසින් අනීතිකව උපයාගත් දේපල තහනම් කිරීමටත් එම දේපොළ රජය සතු කර ගැනීම සඳහා වූ මූලික පියවර මේ වන විට ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
පසුගිය සහ මෙම වසර දෙක ඇතුළත රත්‍රං පවුම් 354ක්, වාහන 77ක්, මුදලින් රුපියල් තිස් පන් කෝටියක්, රුපියල් එක්කෝටි එකසිය හයක වටිනාකමකින් යුත් දේපොළ රැසක්ද රජය සතු කර ගැනීමට මූලික ක්‍රියාමාර්ග මේ වන විට ලබා ගෙන ඇති බව, ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
එහිදී 2024 වසරේදී රත්‍රං පවුම් 150ක්, වාහන 64ක්, මුදලින් රුපියල් කෝටි 6ක්, සහ රුපියල් කෝටි 61ක දේපොළ රජය සතු කර ගැනීම සඳහා තාවකාලිකව තහනම් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ , මෙම වසරේදී රත්‍රං පවුම් 204ක්, වාහන 13ක්, රුපියල් හැට හත් කෝටි හැත්තෑ අට ලක්ෂයක ඉඩම් සහ දේපොළ සහ නිවාස 18ක අනීතිකව උපයා ගත් දේපොළ රජය සතු කර ගැනීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
