කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW:

මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට වාර්තාගතඔ ලෙස අයදුම්පත් 1525 ක් ලැබී තිබෙන බව ශ්‍රී ලංකා බැඩිමින්ටන් සභාපති රොෂාන් ගුණවර්ධන පවසනවා.අවුරුදු 11 න් පහළ සිට 19 න් පහළ දක්වා බාලක බාලිකාවන් 1152 ක් සිටින බව කීවේ තරගාවලි කමිටු ලේකම් ජාලිය ජයසේකරයි.ජාලිය පවසන ආකාරයට ප්‍රවීන අංශයෙන් තරගාවලියට 237 ක් තරග වඳින අතර වඩාත්ම දියුණු සහ තියුණු මුහුණුවරක් ගන්නා වැදගත්ම තරග අංශය වන විවෘත තරග අංශයට අයදුම්පත් 136 ක් ඉදිරිපත් වී තිබෙන බව ද ජාලිය පෙන්වා දුන්නා.


මෙවර පැවත්වෙන 79 වන ජාතික බැඩිමින්ටන් තරගාවලියේ කණිෂ්ඨ,විවෘත සහ ප්‍රවීන අංශ සළකා බලද්දි කේවල තරග සඳහා අයදුම්කරුවන් සහ අයදුම්කාරියන් 1062 ක් ද,යුගල වශයෙන් තරගකරුවන් 418 ක් සහ මිශ්‍ර යුගල සඳහා යුගල 45 ක් එක්ව සිටින බව ද ඉදිරිපත් වී ඇති අයදුම්පත් පරික්ෂාවේදි දැක ගැනීමට පුළුවන් වෙනවා.
රටේ ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය තුළ රාජ්‍ය දේශපාලනයට ඇති වන පීඩනය දරා ගැනීමට අපහසු අතර ඒ සඳහා එක් පිළියමක් ලෙස බොහෝ කරුණු අපහසුතා මධ්‍යයේ කරගෙන යන බව පෙන්වීමට උත්සාහ කරනවා.ඇතැම් විට ඒ උවමනාවෙන් පැවසුවා දැයී නොදන්නා නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා බැඩිමින්ටන් සභාපතිවරයා තරගාවලිය කල් දැමීමට පැමිණි යෝජනා නොසළකා තරගාවලිය 17 සිට 23 දක්වා පැවත්වීමට ඉදිරිපත්විම ගැන ක්‍රීඩා අමාත්‍යවරයා ස්තූතිය පළ කරමින් සුබ පැතූ බව කියා සිටියා.


මේ ව්‍යවසනකාරී තත්ත්වය නිසා කිසිඳු තරගකරුවෙකු මෙම තරගාවලියට ඉදිරිපත් වීමට නොහැකි මට්ටමේ ආපදාවකට ලක් වී නැති බව සහතික කළ බැඩිමින්ටන් සභාපතිවරයා මහනුවර,බදුල්ල,බණ්ඩාරවෙල වැනි ප්‍රදේශ මුල් කරගෙන සියළු තැන් හී තොරතුරු සොයා බලා සහභාගීත්වයට බාධාවක් නොමැති බව තහවුරු කරගෙන ඇති බව ද පෙන්වා දුන්නා.


මිලියන දෙකක තෑගි මල්ලක් වෙනුවෙන් පවත්වන මෙම තරගාවලියට Mobil, MacFOIL, LI-NING, HUNDRED. Gac සහ 3M අනුල්‍රාහක දායකත්වය ලබා දෙනවා.මෙවර බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ තරගකාරීත්වයක් ඇති විය හැකි මට්ටමේ ඉල්ලුම නිසා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් විශේෂ මහන්සියක් තරමින් තරගාවලිය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලිය ගෘහස්ථ ක්‍රීඩා පිටියේදි සහ ශ්‍රී ලංකා බැඩිමින්ටන් මූලස්ථානය යන ස්ථාන දෙකේදීම පවත්වන්නට තීරණය කර තිබෙනවා.


සභාපතිවරයා පැවසුවේ හිටපු සභාපති රොහාන් ද සිල්වා විසින් පෙන්වා දුන් මාර්ගය ඔස්සේ තමන් ඉදිරියට ගමන් කරමින් සිටින බවයි.එම සේවය ඉහළින් අගය කළ සභාපතිවරයා ජනවාරියේ සිට තව දුරටත් ශ්‍රී ලංකාවේ බැඩිමින්නේ ගමන් මඟ වෙනස් වෙනු ඇති බවත්,පෙබරවාරියේදී ශ්‍රී ලංකාවේ මේ දක්වා පවත්වා තිබෙන ජාත්‍යන්තර තරගවලට වඩා විශාල සහභාගීත්වයක් සහිත ජාත්‍යන්තර තරගාවලියක් දැකීම සූදානමින් සිටින ලෙසත් සභාපතිවරයා මෙහිදී පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදෙස් ප්‍රේශන ගැන මහ බැකුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : මහ බැංකුව ...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...