ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් විශේෂ අවස්ථාවක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW :

ඉතාලියේ රථවාහන ධාවනය සඳහා ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය භාවිත කිරීමට යළිත් ශ්‍රී ලාංකිකයින්ට අවසර හිමිව  ඇති බව වාර්තා වේ.

ඊයේ(12) දින ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍යා රොද්‍රිගෝ සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ලේකම් මාරියා ත්‍රිපෝදි ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටී.

මෙම ගිවිසුම ප්‍රථම වරට ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර 2011දී අත්සන් කරනු ලැබූ අතර එය 2021දී කල් ඉකුත් වනු ලැබුවේය.

ඒ අනුව ඉදිරි වසර 5ක කාලයක් සඳහා ශ්‍රී ලාංකිකයින්ට ඉතාලිය තුළදීද ඉතාලි වැසියන්ට ශ්‍රී ලංකාව තුළදීද න්‍යායාත්මක හා ප්‍රායෝගික පරීක්ෂණයකට භාජනය වීමෙන් තොරව තම ජාතික රියදුරු බලපත්‍රය භාවිත කිරීමට පහසුකම් සැලසෙන බව පැවසේ.

ඊයේ(12) අත්සන් කෙරුණු එම ගිවිසුම , දින 60ක කාල සීමාවක් තුළදී බලාත්මක වනු ඇති බව ,විදේශ කටයුතු අමාත්‍යංශය පවසනු ලැබුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...