දුබල නැති බව කී දුලබ උදුම්බරා

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW:

උදුම්බරා පිපෙන්නේ තුසිතයේ බව පැවසෙයි.එවැනි දිව්‍ය කුසුමක් මහ පොළවේ සුපිපෙන්නේ වසර 400 ට වරක් බව කියැවෙයි.උදුම්බරා එතරම් දුලබය.එම දුලබ නම් ලද්දී ගතින් යම් දුබලතාවක් ඇත්තේ වුව ඩුබායි හී දී තමන් නමේ අරුතෙන්ම දුලබ දක්ෂතා ඇත්තියක බව සහතික කරමින් ශ්‍රී ලංකාව රනින් සරසන්නට සමත් වූවාය.


ඩුබායි මී පැවත්වෙන ආසියානු පැරා ඔලිම්පික් තරගාවලියේ F40,F41 කාණ්ඩයේ යගුලිය දැමීම ඉසව්වේදී ඇය ආසියාම ජය ගනිමින් මේ දුලබ දක්ෂතාවය ප්‍රකට කරමින් ශ්‍රී ලංකාව රන් පදක්කම් ලැයිස්තුවට ඇතුළත් කරන්නට සමත් වූවාය.දැක් වූ දක්ෂතාවය මීටර් 3.69 කි.
කුරුණාගල ජෝන් කොතලාවල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන උදුම්බරා,සිරිසේනගේ දිල්මිණි උදුම්බරා කුමාරගේ වන්නීය.ඇයටත්,ඇයගේ දක්ෂතා පෙරට ගෙන ඒමට කැපවෙන පාසලට සහ පුහුණුකරුවන්ටත් අපි අපේ ප්‍රනාමය පුද කරන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...