දුබල නැති බව කී දුලබ උදුම්බරා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW:

උදුම්බරා පිපෙන්නේ තුසිතයේ බව පැවසෙයි.එවැනි දිව්‍ය කුසුමක් මහ පොළවේ සුපිපෙන්නේ වසර 400 ට වරක් බව කියැවෙයි.උදුම්බරා එතරම් දුලබය.එම දුලබ නම් ලද්දී ගතින් යම් දුබලතාවක් ඇත්තේ වුව ඩුබායි හී දී තමන් නමේ අරුතෙන්ම දුලබ දක්ෂතා ඇත්තියක බව සහතික කරමින් ශ්‍රී ලංකාව රනින් සරසන්නට සමත් වූවාය.


ඩුබායි මී පැවත්වෙන ආසියානු පැරා ඔලිම්පික් තරගාවලියේ F40,F41 කාණ්ඩයේ යගුලිය දැමීම ඉසව්වේදී ඇය ආසියාම ජය ගනිමින් මේ දුලබ දක්ෂතාවය ප්‍රකට කරමින් ශ්‍රී ලංකාව රන් පදක්කම් ලැයිස්තුවට ඇතුළත් කරන්නට සමත් වූවාය.දැක් වූ දක්ෂතාවය මීටර් 3.69 කි.
කුරුණාගල ජෝන් කොතලාවල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන උදුම්බරා,සිරිසේනගේ දිල්මිණි උදුම්බරා කුමාරගේ වන්නීය.ඇයටත්,ඇයගේ දක්ෂතා පෙරට ගෙන ඒමට කැපවෙන පාසලට සහ පුහුණුකරුවන්ටත් අපි අපේ ප්‍රනාමය පුද කරන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...