එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

Date:

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට පත් කුප්‍රකට ලිංගික අපරාධකරුවෙකු හා මූල්‍ය වංචාකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටයින්ට අයත් වතු යයෙහි නව ජයාරූප පෙළක් මන්ත්‍රී මණ්ඩල අධීක්ෂණ කමිටුවේ සාමාජිකයින් විසින් ඊයේ(12) දිනයේදී නිකුත්කර තිබේ.

මෙම ජයාරූපවල එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් එක්සත් රාජධානියේ හිටපු කුමරු ඇන්ඩෲ මවුන්ට්බැටන් වීන්ඩ්සර් සහ හිටපු ට්‍රම්ප් උපදේශක ස්ටීව් බැනන් වන ජයාරූප වේ.

මේ හරහා එප්ස්ටයින් ධනවත් හා බලගතු පුද්ගලයින් සමඟ ඇති සබඳතා පිළිබඳ තොරතුරු හෙළි කරන අතර ඔවුන්ගෙන් කිසිවෙකු තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත.

කෙසේ නමුත්, පසුගිය කාලය පුරාම එප්ස්ටයින් හා සම්බන්ධ ලිපිගොනු නිදහස් කරන ලෙස රටතුල විශාල ජනමතයක් හා ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව විරෝධත්වයක් නිර්මාණය වී තිබු අතර දේශපාලනය, ව්‍යාපාර සහ විනෝදාස්වාදය යන ක්ෂේත්‍රවල ප්‍රභූන් සමඟ ජෙෆ්රි එප්ස්ටයින්ගේ සම්බන්ධතා පිළිබඳ විස්තර හෙළි කරන ලෙස ජනතාව දිගින් දිගටම ඉල්ලා සිටින ලදී.

ජෙෆ්රි එප්ස්ටයින් ලිංගික ජාවාරම් චෝදනාවලට මුහුණ දෙමින් සිටියදී 2019 දී මෑන්හැටන් බන්ධනාගාර කුටියකදී මිය ගිය අතර ජනාධිපති ට්‍රම්ප් ද ඔහුගේ අතිශය හිතවතෙකු බව සැලකේ, 2011 දී යවන ලද එක් විද්‍යුත් තැපෑලකින් එප්ස්ටයින් ඔහුගේ හිටපු පෙම්වතිය වන ගිස්ලේන් මැක්ස්වෙල් හට ට්‍රම්ප් ලිංගික ජාවාරමට ගොදුරු වූ අයෙකු සමඟ ඔහුගේ නිවසේ පැය ගණන් ගත කරන බව ප්‍රකාශ කර ඇති අතර ජනාධිපති ට්‍රම්ප්, මෙම චෝදනාවන් ප්‍රතික්ෂේප කර, එප්ස්ටයින්ගේ අපරාධ පිළිබඳව තමා නොදන්නා බව නැවත නැවතත් අවධාරනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...