වසර අවසන් උල්කා වැස්ස අද!

Date:

කොළඹ LNW:වසරේ අවසාන උල්කාපාත වර්ෂාව අද (13) රාත්‍රියේ දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

මෙම උල්කා වර්ෂාව ජෙමිනිඩ්ස් ලෙස නම් කර තිබෙන බවයි වීරසේකර මහතා සඳහන් කරන්නේ.

පැයකට උල්කාපාත 130 විතර දැකිය හැකි අතර හිරු බැසයාමෙන් පසු නැගෙනහිර අහසේ දැකගත හැකි බවයි ඔහු පවසන්නේ.

”මේක නිරීක්ෂණය කරන්න පුලුවන් හොදම කාලය රාත්‍රී 11.00 සිට පාන්දර 03.00 දක්වා.පියවි ඇසින් නිරීක්ෂණය කරන්න පුලුවන්.
මේ ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව ග්‍රාහයකින් නිකුත්වන එකක්. මිථුන තාරකා ආශ්‍රිතව දකින්න පුලුවන්. නැගෙනහිර සිට බටහිර දක්වා ගමන් කිරීම තමයි සිදුවෙන්නේ.” යනුවෙන් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය සේවය ගැන ඇහෙන අලුත්ම ආරංචිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මේ වනවිට...

තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලය, අභිමානවත් 155 වැනි සැමරුම

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : බස්නාහිර පළාතේ, ශ්‍රී...

වත්තල ඔගස්ටීන් ….

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව...

දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...