කඳුකර දශකය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ලබන වසරේදී කඳුකර ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ පොදු යටිතල පහසුකම් වැඩිදියුණු කර ඔවුන්ට ලබාදෙන සේවාවන් වර්ධනය කිරීම සඳහා කඳුකර දශකය නමින් දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩ සටහනක්  ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

යටත් විජිත පාලන සමයේ ඇතිවූ පසුබෑම් ද ඇතුළත්ව විවිධ හේතූන් නිසා සම්පත් බෙදී යාමේ විෂමතාවයන් හේතුකොට ගෙන කඳුකර ප්‍රදේශවල පොදු යටිතල පහසුකම් හා සේවාවන්හි වර්ධනයක් සිදුව නැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

කඳුකරයේ බහුතරයක් ජීවත්වන්නේ ද්‍රවිඩ ප්‍රජාවය. එම ප්‍රදේශවල නිවාස ඇතුළු යටිතල පහසුකම් හා ජීවනෝපාය සංවර්ධනය, ග්‍රාමීය සංවර්ධන ඇතුළු සංවර්ධනය වැඩසටහන් රැසක් ඒකාබද්ධව සංවර්ධනය සිදුකිරීම තුලින් ඔවුන්ගේ ජන ජීවිතය නඟා සිටුවීමට කඩිනම් හා සැලසුම් සහගත ප්‍රවේශයක් ලබාගැනීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා කියා සිටී.

ඒ අනුව මෙවර අයවැය මඟින් කඳුකර දශකය දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන සඳහා ලබන වසරට (2024) රුපියල් මිලියන 10,000ක ප්‍රතිපාදන වෙන්කර තිබේ.

කඳුකර දශකය මහනුවර, මාතලේ,නුවරඑළිය,රත්නපුර,කෑගල්ල,මාතර,ගාල්ල,කලුතර,බදුල්ල හා කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික් 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89ක් තුළ ක්‍රියාත්මක කෙරේ.

ව්‍යාපෘති තෝරාගැනීම් නිර්ණායක හා ක්‍රියාත්මක මොඩලය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් දැනුවත් කිරීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රාදේශීය හා දිස්ත්‍රික් කමිටුවල එකඟතාවය ලැබීමෙන් පසුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ මැදිහත්වීම හා සෙසු රාජ්‍ය ආයතනවලත්, ඒවායේ ප්‍රදේශීය කාර්යාලවලත් පූර්ණ සහයෝගය ඇතිව ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන බවයි.

2005 වසරේදී පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය විසින් කඳුකර ප්‍රදේශවල සංවර්ධනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදී.

නමුත් පසුව 2013 වසරේදී පිහිටුවනු ලැබූ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ කරන ලදී. එබැවින් කඳුකරය ඇතුළු උඩරට ප්‍රදේශ සංවර්ධනයට යම් සෘණාත්මක බලපෑමක් එල්ලවූ අතර ,  රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කඳුකර දශකය ව්‍යාපෘතිය තුලින් කඳුකර ප්‍රදේශ සංවර්ධනයේ සිදුවූ පසුබෑම් නිවරදි කරගැනීමට හැකිවනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...