රංවලගේ ඉල්ලා අස්වීම ගැන ජනපතිගේ තීරණය!

Date:

කොළඹ LNW:කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් මේ බව ලිඛිතව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දන්වා තිබෙන අතර රංවල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මතුවූ ගැටළුකාරී තත්ත්වය පදනම් කරගෙන එම ඉල්ලා අස්වීම සිදුකරන ලදී.

කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති යන පදවිවලින් කවර හෝ පදවියක් දරන්නෙකු ධුරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැට හතර දෙක ව්‍යස්ථාවට අනුව සිය අත්සනින් යුතු ලිපියකින් ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දිය යුතු වෙයි.

ඒ අනුව එම ඉල්ලා අස්වීම ඉදිරිපත් කර තිබෙන අතර ජනාධිපතිවරයා විසින් එය පිළිගනු ලබන්නේ නම් ඒ බව මහ ලේකම්වරයා වෙත දැනුම් දිය යුතුවෙයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම පිළිගන්නේ නම් ඒ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත දැනුම් දිය යුතුවෙයි.

මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය මත එම ඉල්ලා අස්වීම සිදුකිරීමට රංවල මහතාට සිදුවූ අතර ඒ අනුව මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ ඉල්ලා අස්වූ කථානායකවරයා ලෙස ඔහු දේශපාලන ඉතිහාසයට එක්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...