මනුදිගේ බල ඇණිය හොඳ සූදානමකින් හෙට මැලේසියාව හමු වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 14 ,(LNW)කොළඹ :

අවුරුදු 19 න් පහළ කාන්තා ආසියානු කුසලාන තරගාවලිය අරඹමින් හෙට ශ්‍රී ලංකාව සහ සත්කාරක මැලේසියාව තරග බිමට පිවිසෙනවා.ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු අවුරුදු 19 න් පහළ තරගවලියට සහභාගිවන කණ්ඩායම් අතරේ හඳුන්වා දී ඇති ආකාරයට විශාලතම තුන් ඉරියව් ක්‍රීඩිකාවන් සතු කණ්ඩායමයි.


තරගාවලියට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මැලේසියානු අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම,ජ්‍යෙෂ්ඨ කාන්තා කණ්ඩායම සහ අවුරුදු 18 න් පහළ පිරිමි කණ්ඩායම සමඟ පුහුණු තරග කිහිපයකට සහභාගි වන්නට අවස්ථාව හමු වුණා.එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම අවුරුදු 18 න් පහළ බාලක කණ්ඩායම ඉදරියේ එක් තරගයක් ලකුණු 39 න් පරාජය වූ අතර එක් තරගයකින් බාලක කණ්ඩායම පරදවා ලකුණු 27 න් ජය ගන්නට ද සමත් විය.


විශේෂයෙන් මැලේසියානු ජාතික කාන්තා කණ්ඩායම සහ අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙතින් කිසිඳු සමාවක් හිමි නොවුණා.එක් තරගයකදී ු9 න පහළ කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රීඩිකාවන් ලකුණු 212 ක් රැස් කළේ එක් කඩුල්ලක් පමණක් දැවෙමින්ය.එහිදි සංජනා කාවින්දි සිය ඉණිම අතරමැද අත් හිටුවා ක්‍රීඩාගාරයට යන විට පන්දු 40 දී ලකුණු 75 ක් ලබා උන්නාය.ඉණිම නිමාවන විට පන්දු 28 දී දැවන්ත ප්‍රහාරයක් එල්ල කළ රශ්මිකා සෙව්වන්දි පන්දු 28 දී ලකුණු 65 ක් ලබා ගත්තාය.එම තරගයේදී මැලේසියාව කඩුලු 6 ට ලකුණු 75 ට සීමා කර තරගය ලකුණු 140 න් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජය අත් කර ගත්හ.


මැලේසියා අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමඟ පැවති තරගයකදී පන්දු 13 දී හයේ සහ හතරේ පහර 4 බැඟීන් ලබා ගනිමින් රශ්මිකා වේගවත් ලකුණු 43 ක් ලබමින් ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 4 ට ලකුණු 175 දක්වා ඔසවා තබන්නට සමත් වූවාය.ඉණිම අතර මැද නවතා පිටියෙන් ඉවත් වූ සංජනා කාවින්දි පන්දු 23 ක් තුළ ලකුණු 35 ක් ද,ලිමන්සා තිලකරත්න පන්දු 26 ක් තුළ ලකුණු 33 ක් ද රැස් කරන්නට සමත් විය. පිළිතුරු ලෙස මැලේසියාව ලබා ගත්තේ ලකුණු 37 ක් පමණි.ශෂිනි ගිම්හානි ලකුණු 10 ට කඩුලු 4 ක් දවා ගත් අතර ලිමන්සා තිලකරත්න පන්දු ඕවර් 4 ම යවා එක ලකුණක් පමණක් ලබා දී එක කඩුල්ලක් දවා ගත්තාය.


මැලේසියා ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 3 ට ලකුණු 175 ක් රැස් කරන්නට සමත් විය.එහීදී නායිකා මනුදි නානායක්කාර වේගවත් ලකුණු 47 ක් නොදැවී ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම කඩුලුලාභිණිය වූවාය.මැලේසියානු ජ්‍යෙෂ්ඨයන්ට හිමි වූයේ කඩුලු 5 ට ලකුණු 78 ක් පමණි.එහිදි අසේනි තලගුණේ ලකුණු 3 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වූවාය.
හෙට ආරම්ක තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා මනුදි නානායක්කාරගේ උපන් දිනය ද යෙදී තිබෙනවා.අප මනුදිට සුබ උපන් දිනයක් පතමින්,ඇයගේ නායකත්වය යටතේ ජයග්‍රාහී ආරම්භයකටත්,සූරතා කුසලානය ජය ගැනීමටත් හැකි වේවා යැයි සුබ පැතුම් එක් කරනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...