සහන සැලසීමේ යාන්ත්‍රණය හොඳින් ක්‍රියාත්මක වෙනවා :රු. බි 13ක් ලබා දුන්නා – හර්ෂණ සූරියප්පෙරුම

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW :

ඊයේ (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්  මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසා සිටියේ, ආපදා නිසා විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මේ වන විට රුපියල් බිලියන 13ක මුදලක් සමස්ථයක් ලෙස ලබා දී ඇති බවයි.

ඒ මහතා තව දුරටත් සඳහන් කළේ, සහන වැඩපිළිවෙලට ආධාර ලෙස ලැබුණු මුදල් සහ භාණ්ඩාගරයෙන් ලබා දුන් මුදල් ඇතුළුව මෙම සමස්ථ මුදල සහන සැලසීමට ලබා දී ඇති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ, ජනතාවගේ ජීවිතය යථාවත් කිරීමට සහ ව්‍යාපාරිකයින්ට සිය ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට සහයෝගය දැක්වීම සඳහා මෙම මුදල් යොදවා ඇති බවය. 

ආපදා නිසා විපතට පත් ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය ආධාර උපකාර, උපකරණ මෙන්ම මුදල් පරිත්‍යාග ද නන්දෙසින් ලැබෙන බව සඳහන් කළ ලේකම්වරයා සියල්ලගෙන් ලැබෙන මෙම සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය ද පළ කර සිටියේය.
 
මෙම සහන සැලසීමේ යාන්ත්‍රණය හොඳින් ක්‍රියාත්මක වන බවත් ඒ හේතුවෙන් එම සහන ජනතාවට, පුරවැසියන්ට, ප්‍රදේශයන්ට ලබා දීම සාර්ථකව සිදු කර ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එහිදී ඒ මහතා අවධාරණය කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අමෙරිකාවේ ස්ටාලින්ක් ආයතනය විසින් ආපදා කළමනාකරණ කටයුතු සාර්ථකව කර ගැනීමට සබඳතා පවත්වා ගැනීම සඳහා ස්ටාලින්ක් යුනිට් 100ක් පරිත්‍යාග කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...