කල් ගියත් මෙවර උසස්.පෙළ. ප්‍රථිඵල ගැන ඉඟියක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW :

පසුගිය දින කිහිපය පුරා පැවති ආපදා හේතුවෙන් 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමුණද සැලසුම් කළ පරිදි එම විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මාසයේ මුල් භාගයේදී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් නොවැම්බර් 10 වනදා ආරම්භ වූ එම විභාගය දෙසැම්බර් පළමු වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් පැවති ආපදා තත්ත්වය හමුවේ නොවැම්බර් 27 වනදා සිට එම විභාගය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමටයි විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේ. ඒ අනුව එම විභාගයේ ඉතිරි විෂයන් සදහා වූ විභාගය ලබන ජනවාරි 12 වනදා සිට පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණයක් ගැණුනි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ, 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂා කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවත්, ඒ අනුව එම විභාගයේ ප්‍රතිඵල එළඹෙන සිංහල හා දෙමළ අවුරුද්දට පෙර ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Messi ගේ ඉන්දීය සංචාරය මෙසී වෙයි!

සටහන – පුලී දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක්...

හේම කුමාර නානායක්කාර සර්වජන බලයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

මින් ඉදිරියට මා විසින් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී...

යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ...

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...