යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW :


මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ වැව් බැම්මේ කැඩී ගිය කොටස මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව මුලතිව් දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය පවසයි.

මුලතිව් දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය පැවසූවේ වැවේ වාන ආසන්නයේ වැව් බැම්මේ කොටසක් කැඩී ගොස් තිබු අතර,යුධ හමුදා නිළධාරීන්, ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත වැව් බැම්මේ කැඩී ගිය ස්ථානය මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් පවතින බවද වාර්තා වේ.

වැවේ වාන් ජලය අධික ලෙස පිටවු බැවින් වාන ආසන්නයේ වැව් බැම්මේ කොටසක්ද ජල ගැලීම්වලට ලක්ව කැඩී ගොස් තිබුණු අතර, වැව් බැම්ම කැඩීයාමේ අවධානමක් පවතින බවට වන කටකතාවලට නොරැවටෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලීම් කරන බව, මුලතිව් දිස්ත්‍රික් වාරිමාර්ග දෙපාර්තමේන්තමේන්තුව පැවසූවේය

වැව් බැම්ම සම්පූර්ණයෙන් කැඩීයාමේ කිසිදු අවධානමක් නොමැති අතර, මේ වන විට බැම්මේ කැඩී ගිය කොටස වැලි කොට්ට යොදා ආරක්ෂා කොට ඇති බවද ස්ථිර විසදුමක් කඩිනමින් ලබාදීමට නියමිත බවද දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNGA 81 වන සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය අමාත්‍ය විජිත හේරත්ගෙන්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

සුසන්තිකාගේ වසර 24ක් පැරණි ආසියානු ක්‍රීඩා වාර්තාව බිඳ වැටෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : ජපානයේ පැවැත්වෙන 2026...

විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස් ඇමරිකාවේ ඔරිගන්...