*
Monday, May 20, 2024
spot_img

Latest Posts

ලිවකොවික්ගේ දැල මෙසී සහ අල්වාරේස් සිඳුරු කරයි

පිට පිටම දෙවන වරටත් ක්‍රොඒෂියාවට අවසන් තරගයක් ක්‍රීඩා කිරීමට තිබුණු අවස්ථාව ආර්ජෙන්ටිනාව විසින් වළක්වනු ලැබුවා.එහිදී සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී පෙරමුණ ගත්තා.ක්‍රොඒෂියානු ආරක්ෂක පෙළ මෙසී ගේ පා දිහා බොහොම විමසිල්ලෙන් බලා සිටියදී ඔහු ක්‍රොඒෂියා දැල සිඳුරු කිරීමට නොගොස් පන්දුව ගෝලයක් සඳහා සැකසීමේ කාර්යය ඉතා නිවැරදිව ඉටු කරන්නට දායක වුණා.ඒ දායකත්වය නිසා ජුලියන් අල්වාරේස් ගෝල දෙකක උරුමක්කාරයෙක් වුණා.නමුත් පළමුවෙන් ලෝකයේම අවධානයට පාත1ව සිටි ක්‍රොඒෂියානු දැල් රකින ඩොමිනික් ලිවකොවික් ගේ සුරක්ෂිත දෑත සිඳුරු කරන්නට ඉදිරිපත් වුණේ මෙසි.ඒ තරගයේ 34 වන විනාඩියේදි වාර්තා වූ ආර්ජෙන්ටිනාවේ පළමු ගෝලයෙන්.
ලයනල් මෙසී මේ තරගයේදී වාර්තා කළේ ඔහුගේ ලෝක කුසලාන එකළොස්වන ගෝලයයි.

ආර්ජෙන්ටිනානුවෙක් ලෝක කුසලාන තරගවලදී වාර්තා කරන ලද වැඩිම ගෝල ප්‍රමාණයේ හිමිකාරිත්වය මේ ගෝලය නිසා මෙසි ට හිමි වුණා.ඒ දක්වා ඔහු සහ ගේබ්‍රියල් බැටිස්ටුටා සමානව ගෝල 10 බැඟින් ලබා ගෙන සිටියා.එසේම ආර්ජෙන්ටිනාවේ ජයග්‍රහණය සමඟ ඔවුන් ලෝක කුසලාන අවසාන තරගයක් නියෝජනය කරන්නේ හයවන වරටයි.ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම අවසන් තරග ප්‍රමාණයක් නියෝජනය කර ඇත්තේ ජර්මණිය වන අතර ඔවුන් අට වරක් ලෝක කුසලාන අවසාන තරගයට පිවිස තිබෙනවා.ඉන් අනතුරුව ඉතාලිය සහ බ්‍රසිලය හය වතාව බැඟින් ලෝක කුසලානය නියෝජනය කර ඇති අතර මේ ජයග්‍රහණයෙන් පසුව ආර්ජෙන්ටිනාවත් ඒ හයේ ගොඩට එකතු වෙනවා.
තවත් විශේෂත්වයක් වන්නේ ආර්ජෙන්ටිනාව අවසන් තරග සඳහා සුදුසුකම් ලත් අවස්ථා හයේදිම අවසාන තරගයට පිවිස තිබිමයි.අවසාන පූර්ව තරගයකදි ආර්ජෙන්ටිනාව පරාජය කරන්නට කිසිවෙක් සමත් වි නැහැ. 1930 – ආජන්ටිනාව 6-1 අමෙරිකාව, 1986- ආජන්ටිනාව 2-0 බෙල්ජියම, 1990- ආජන්ටිනාව 1-1 ඉතාලිය (දඬුවම් පහර- ආජන්ටිනාව 4-3 ඉතාලිය),2014 -ආජන්ටිනාව 0-0 නෙදර්ලන්තය (දඬුවම් පහර- ආජන්ටිනාව 4-2 නෙදර්ලන්තය) ලෙස වාර්තා වි ඇති එම ඉතිහාසයේ ඊයේ අවසාන තරගයට ආර්ජෙන්ටිනාව පිවිසුණේ 3 – 0 ක් ලෙස යි.
කෙසේ නමුත් ආර්ජෙන්ටිනාව මේ තරගාවලියේ ප්‍රවේශය ලබා ගත්තේම කඳුළු අතරින්.පළමු තරගයේ දී ඔවුන් සවුදි අරාබියාව වෙතින් 2 – 1 සේ පරාජය ලැබුවා.ඒ අනුව ඔවුන් මෙවර සූරතාව අපේක්ෂා කළ කණ්ඩායම් අතරෙන් පළමුවෙන්ම තරගාවලියෙන් ඉවත්ව යනු ඇතැයි බොහෝ අය සිතුව ද,ලයනල්මෙසි ගේ හැකියාව ගැන විශ්වාසය තබමින් ආර්ජෙනටිනා කණ්ඩායමට සම්බන්ධ තවත් ලයනල් කෙනෙක් බොහොම විශ්වාසයෙන් කතා කළා.ඒ ප්‍රධාන පුහුණුකරු ලයනල් ස්කැලෝනී.ඒ ලයනල් මේ ලයනල් ගැන කියපු කතාව අද වන විට ඇත්තක් බවට පෙරළමින් ආර්ජෙන්ටිනාව අවසාන තරගයට පිවිස අවසන්.

ක්‍රොඒෂියානු තරගයේ විශාලම අභියෝගය වුණේ තරගයේ නියමිත කාලය තුළ ජයග්‍රහණය කිරිම බව ආර්ජෙන්ටිනාවට ක්‍රොඒසියාව හමුවන්නට පෙරම පැවසුවා.ඒ ඔවුන්ගේ දැල රකින ඩොමිනික් ලිවකොවික් දඬුවම් පහර ආරක්ෂා කරන්නට දක්වන සුපිරි දක්ෂතාවය නිසයි.කෙසේ හෝ ආර්ජෙන්ටිනාව තරගයේ මුල සිටම ආක්‍රමණය හරහා ක්‍රොඒසියාව දෙසට පීඩනය හරවා තිබුණා.ඒ නිසා 34 වන විනාඩියේදි මෙසී ආරම්භ කළ ගෝල ලබා ගැනීමට 39 වන විනාඩියේදි සහ 69 වන විනාඩියේදී ගෝල එකතු කරන්නට අල්වාරේස් සමත් වුණා.
18 වන දින එළැඹෙන අවසාන මහා තරගයේ දි ආර්ජෙන්ටිනාවට හමු වුණ ප්‍රතිවාදියා තීරණය කරන්නට ඇත්තේ පැයවලින් ගත් විට 24 ට අඩු කාලයක්.අද මොරොක්කෝවට හමුවන්නේ වත්මන් ලෝක සූරයන් වන ප්‍රංශයයි.ප්‍රංශය මේ තරගයේදී ලෝක කුසලාන ඉතිහාසයේ සම වාර්තාකරුවෙක් වෙන්නට බොහෝ උත්සාහ දරනු නිසැකයි. ඒ ඉතාලිය, බ්‍රසීලය, නෙදර්ලන්තය, ජර්මනිය සහ ආජන්ටිනාව වැනි රටවල් සමඟ පිට පිටම දෙවතාවකදි අවසාන තරගයක් නියෝජනයට අවස්ථාව උදා කර ගනිමින්.

නමුත් මේ වන විටත් වාර්තාගත අයුරෙන් අප්‍රිකාවෙන් අවසාන පූර්ව වටයට පිවිස තිබෙන පළමු රට බවටපත් වි ඇති මොරොක්කෝව සටන අත හරියි ද? ප්‍රංශයට කිරිමට තිබෙන වැදගත්ම දේ තරගයේ පළමු ගෝලය රැස් කරන්නට මොරොක්කෝවට ඉඩ නොදීමයි.ඔවුන් ගෝල ගණනෙන් වාර්තා තියන්න සූදානම් කණ්ඩායමක් නොවන අතර මොරොක්කෝවට අවශ්‍යය ගෝලයකින් බැරිනම් ගෝල භාගයකින් හෝ තරගයේ ජයග්‍රහණය පමණයි.ඔවුන් ට අවශ්‍යය කරන ගෝලය ලැබුණොත් සියල්ලම දැල අසළට පැමිණ ප්‍රතිවාදියාගෙන් සිය දැල රැක ගන්නට උත්සාහ කරනවා විනා දුසිම් ගණනක ගෝල මොරොක්කෝවට අවශ්‍යය නැහැ.

කෙසේ හෝ අද මොරොක්කෝව ජය ගතහොත් අවසාන සටන සිද්ධවෙන්නේ අප්‍රිකානු සහ දකුණු ඇමෙරිකානු කණ්ඩායමක් අතරයි.අවසාන අට දෙනාගේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භයේදි කණ්ඩායම් පහක්ම යුරෝපා කණ්ඩායම් වුණා.එක අප්‍රිකානු රටක් සහ දකුණු ඇමෙරිකානු රටවල් දෙකක් ඊට ඇතුළත්ව තිබුණා.නමුත් මේ වන විට අවසාන තරගයට දකුණු ඇමෙරිකානු රටවල් දෙකෙන් එකක් පැමිණ තිබෙනවා.අනෙක් කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කිරීමට ඉතුරුව තිබෙන යුරෝපීය කණ්ඩායම සමඟ තරග කරන්නේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි එකම අප්‍රිකානු කණ්ඩායම වන මොරොක්කෝවයි.ක්‍රීඩාව අවිනිශ්චිතවීමම චමත්කාරයි.ලෝකයේ අන්තිමටම අන්තිම ශ්‍රේණියක ගැට්ටේ ඉන්න ලංකාවේ අපිට වඩාත්ම වැදගත් ක්‍රීඩාවට ඇති ආදරය පදනම් කරගෙන හොඳම තරගය දකින්නට අපේක්ෂා කිරීමයි.ඒ ප්‍රාර්ථනාව සහිතව අපි බොහෝ දුර සිට පාපන්දු ලෝකය නරඹමු!.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan