යුක්ති ගරුකව සාධාරණව අප ජීවත් විය යුතුයි – කොළඹ අගරදගුරු

Date:

තම හෘද සාක්ෂියට අනූව ජීවත් වීමේ වැදගත්කම ක්‍රිස්තුස් වහන්සේ අපට පෙන්වාදුන් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළහ.

මේ අනූව යුක්ති ගරුකව සාධාරණව අප ජීවත් විය යුතුව බවද, ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට පැමිණියේ අප ජීවිත ආලෝකමත් කිරීමට යැයි ද කාදිනල්තුමා සඳහන් කළහ.

කාදිනල්තුමා එසේ ප්‍රකාශ කළේ කොළඹ අලුත්කඩේ සුබ මරණයේ දේවමතා වහන්සේගේ දෙව්මැඳුරේ 175 වැනි ජයන්ති මංගල්‍ය දිව්‍ය පූජාවේ විශේෂ දේශනයේදීය.

කාදිනල්තුමා මෙසේ ද කීහ: අප මේ ලෝකයට වැඩි කාලයක් ජීවත් වීමට පැමිණ නැහැ. වැඩිම වුණොත් වසර සියයක් විය හැකියි.

2050 වනවිට වර්තමානයේ ජීවත්වන අප කිසිවෙක් මේ ලෝකයේ නැහැ. අප ජීවත්වෙන සුළු කාලය තුළදී ඉතා පරාර්ථකාමයෙන් යුතුව ජීවත් විය යුතුයි.

අද සමාජයේ බොහෝ දෙනෙක් සිතන්නේ තමන් ගැනය. ක්‍රිස්තුස්වහන්සේ තම ජීවිතය තුළින් ආදර්ශය අපට පෙන්වා දුන්නේය. කුරුසියේ මරණය තුළින් එහි උපරිමය අපට පෙන්වා දුන්නේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...