*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

බිත්තර මිල ගැසට්ටුව අභියාචනාධිකරණය තාවකාලිකව අත්හිටුවයි – තීන්දුව හෙට

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට අභියාචනාධිකරණය අද (14) නියෝග කර තිබේ.

ඒ එම ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස නියෝගයක් ඉල්ලා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ගොණු කරනු ලැබූ පෙත්සම විභාගයට ගනිමිනි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් එම සංගමයේ සම ලේකම් දුමිෂ්ක සුභසිංහ මහතා මාධ්‍ය වෙත පැවසුවේ උක්ත ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය තීන්දු කර තිබෙන අතර හෙට දිනයේදී යළි නඩුව කැඳවන බවත් එහිදී තීන්දුවක් ලබාදීමට නියමිත බවත්ය.

හෙට දිනයේදී සාධාරණ තීන්දුවක් ලැබෙනු ඇති බවද ඔහු කියා සිටියේය.

මේ අතර මේ වන විට රට තුළ කිසිදු බිත්තර හිඟයක් නැති බවත් ඔහු සඳහන් කරන ලදී.

එම ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරා තිබුණේ පසුගිය අගෝස්තු 19 වැනිදාය.

එහිදී සුදු බිත්තරයක උපරිම මිල රු.43ක් ලෙසත් දුඹුරු බිත්තරයක මිල රු. 45ක් ලෙසත් දක්වා තිබුණි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan