*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

රෙගුලාසි කල්දැමීම නිසා වරාය නගරයට සෘජු විදේශ ආයෝජන ගලා ඒමේ ප්‍රමාදයක්!

වර්තමානයේ කොළඹ වරාය නගරයට සෘජු විදේශ ආයෝජන (FDI) ලැබීමේ ප්‍රමාදයක් දක්නට ලැබෙන බව කළමනාකාර සමාගමේ ඉහළ නිලධාරියකු විසින් අනාවරණය කර ඇත. එයට හේතුව ලෙස ඔහු සඳහන් කර තිබුණේ වරාය නගරය හා සම්බන්ධ රෙගුලාසි අවසන් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.

තවද ශ්‍රී ලංකාව යනු එහි යටිතල පහසුකම් සඳහා විදේශිකයන්ගේ ආයෝජන නිබඳව හිමිවූ දිගු කාලීනව ආයෝජන වටිනාකම් ස්ථිරව පවත්වා ගත් දිවයනක බැවින්, වෙළෙඳාම සහ වාණිජ්‍යය තුළින් ඊටත් වඩා වටිනාකමක් රට තුළ නිර්මාණය කර ගත හැකි බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම ක්‍රියාවලිය හේතුවෙන් දේශීය ජනතාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කරන තෝතැන්නක් විවෘත වන අතරම ගෙවීම් ශේෂ පරතර පියවා ගැනීමට සහ දේශීය මුදල් ශක්තිමත් කිරීමට ද උපකාරී වේ.

කොළඹ වරාය නගරය යනු ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජන (FDI) ව්‍යාපෘතිය වන අතර එමඟින් ඩොලර් බිලියන ගණනක් රට තුළට ගලා ඒමට නියමිතව ඇතත් කොළඹ වරාය නගරයට අදාළ විශේෂ ආර්ථික කලාප රෙගුලාසි තවමත් අවසන් කර නොමැති බැවින් ආයෝජකයන් ඒ පිළිබඳව දෙගිඩියාවෙන් පසුවන බව ඔහු අනාවරණය කළේය.

CHEC Port City Colombo (Private) Limited හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පැවති මෙම වසරේ පැවති ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමින් ප්‍රකාශ කර සිටියේ රෙගුලාසි සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව හේතුවෙන් අලෙවිකරණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට පවා අපොහොසත් වී ඇති බවයි.

මක්නිසාද යත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත මගින් සපයා ඇති පරිදි නියාමන රාමුව ශ්‍රී ලංකා රජය විසින් අවසන් කර ප්‍රකාශයට පත් කරන තෙක් ප්‍රවාහන සහ ප්‍රවේශය සම්බන්ධ අනිකුත් කරුණු පිළිබඳව සොයා බැලීමට නොහැකිය.

තවද මෙය අවසන් වන තුරු සහ බදුකරණයට අදාළ රෙගුලාසි පිළිබඳ පැහැදිලි බවක් ඇති වන තුරු සමාගමට කිසිදු පාර්ශවයකට නිල නියෝජනයක් කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බලා එහි ගැටළුකාරි තත්ත්වය ඉක්මනින් අවසන් නොකළහොත් එය ආයෝජකයන්ගේ  විශ්වාසය අහිමි කර ගැනීමටත් සහ තවදුරටත් ඔවුන්ගේ දෙගිඩියාව වැඩි වර්ධනය කිරීමටත් හේතු විය හැකි බව නොඅනුමානය.

විශේෂයෙන්ම එය දැනට සාර්ථක අන්දමින් සිදුවෙමින් පවතින සංවර්ධනයේ ප්‍රගතියට විශාල බාධාවක් වනු ඇති බවත් ඔහු හෙළිදරව් කළේය.

2023 වර්ෂය වන විට අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින යටිතල පහසුකම් අතර වරාය නගරය යනු ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක ආයෝජනයක් සිදු කරන ලංකාවේ විශාලතම FDI අරමුදල් සහිත ව්‍යාපෘතිය වන අතර ව්‍යාපෘති සමාගම විසින් දැනටමත් ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක් සිදු කළ අවසන්‍ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු ආසියාවේ පළමුවැනි ඩොලර් මිලියන 7 ක පිරිවැයකින් තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක්, සාප්පු සවාරි සහ සංචාරක ව්‍යාපාරය සඳහා චුම්බකයක් සහිතව 2023 අප්‍රේල් මාසයේදී කොළඹ වරාය නගරයේ දොරටු විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපය (PCC SEZ) තිරසාර ආර්ථිකයක් කරා යන මාර්ගයට නව ජීවයක් එක් කරන තෝතැන්නක් වන අතර විශේෂයෙන්ම මුල්‍ය සේවා, වෙළඳාම, තොරතුරු තාක්ෂණය, සංචාරක සහ තවත් බොහෝ අංශ සඳහා නව මංපෙත් විවර කරනු ඇත.

මෙයට හේතුව වනුයේ වරාය නගර ආර්ථික කොමිසම මගින් ලබා දෙන SEZ නම් එහි විශේෂ තත්ත්ව සහතිකයයි.

කෙසේ වෙතත් 2021 මැයි මස 20 වන දින වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුවත් නියාමන රාමුව අවසන් කිරීම සම්බන්ධයෙන් තවමත් යම් ප්‍රමාදයක් පවතී.

ආයෝජකයන් සහ අනෙකුත් අය සතුව නෛතික සහ නියාමන ක්‍රියා පටිපාටි සහ ක්‍රියාවලීන් පිළිබඳව ඇති අවිනිශ්චිත බව හේතුවෙන් ව්‍යාපාරයන්හි ක්‍රියාකාරිත්වය හා ව්‍යාපෘතිය එහි සාර්ථකත්වය දක්වා සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය කරයි.ජඑය සැබෑ ලෙසම ක්‍රියාත්මක වෙමින් පැවති සංවර්ධන ක්‍රියාවලියට නැවතීමේ තිතකි.

ඕවින්දි විෂ්මිකා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan