ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (14) දින සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ අනාගත අවස්ථාවන් හා එම ක්ෂේත්‍රයේ කාලීන තොරතුරු පිළිබඳ පාසල් සිසුන් දැනුවක් කරමින් අනාගතයේ එම ක්ෂේත්‍ර වලට යොමුකිරීම සඳහා වූ මූලික අඩිතාලමක් දැමීම උදෙසා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදුවිය.

මේ අනුව 2024 වර්ෂයේ ගුවන්තොටුපොල ආශ්‍රිතව පවත්වන ඉහත වැඩමුළු හරහා ගුවන්සේවා ක්ෂේත්‍රය පිළිබඳ පාසල් සිසු දරු දැරියන් 1 500 ට වැඩි පිරිසක් පුහුණු කිරීමට මේ තුලින් අපේක්ෂා කෙරෙන අතර, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය මෙතෙක් පාසල් ගුවන්සේවා සමාජ හරහා මේ සඳහා පාසල් ළමුන් තෝරාගත් අතර ඉහත වැඩපිළිවෙල හරහා ජාතික රූපවාහිනියෙන් විකාශය වන පූර්ව ප්‍රචාරක පටයේ සඳහන් වන කෙටි පණිවුඩ යොමු කිරීම හරහා ස්වංක්‍රීය කුසපත් ඇදීමෙන් මෙම පිරිස තෝරා ගැනේ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා සිවිල් ගුවන්සේවා අධිකාරිය එක්ව සංවිධානය කරන ඉහත වැඩමුළු මාලාව සඳහා ගුවන්තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම, ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රීලංකන් කේටරිං සමාගම හා ශ්‍රීලංකන් ගුවන් පුහුණු පාසල ඇතුළු පාර්ශවකාර ආයතන දායකත්වය සපයයි.

වරාය. නාවික සහ ගුවන්සේවා අමාත්‍යාංශය, ප්‍රවාහන, මාහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආශිර්වාදය ඇතිව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන අතර,
මූලික අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී පී. ඒ. ජයකාන්ත මහතා සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති අචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා අතර සිදුවිය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන්...