ආනයනික බිත්තර මිලියන 15ක් ඇණවුමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන ආකාරයට ආනයනික බිත්තර මිලියන 15ක් ඇණවුම් කළ බව සඳහන් වේ.

එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ, ලබන සඳුදා එම බිත්තර ලංකාවට ලැබීමට නියමිත බවයි.

ආනයනය කරන ලද තවත් බිත්තර මිලියන 10ක්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලබන සෙනසුරාදා වාර්තා ලබා ගැනීමට නියමිත අතර, මේ අතර බිත්තර බෙදා හැරීමේ කටයුතු ද වැඩි කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව, පෙර සතොස වෙළෙඳසැල් සඳහා දිනකට බිත්තර මිලියන 2 බැගින් නිකුත් කරන බවද සභාපතිවරයා කියා සිටී.

කෙසේ වෙතත් මේ වනවිට මෙරට වෙළෙඳපොළ තුළ දේශීය බිත්තරයක මිල රුපියල් 60ට වැඩි අගයක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එම හේතුවෙන් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...