NGO ගැනත් තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ (LNW):

වත්මන් රජය විසින්, සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුව මෙරට ක්‍රියාත්මක වන සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම අනිවාර්ය කරනු ලැබ ඇත.

1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණ) පනත යටතේ මෙලෙස මෙරට ක්‍රියාත්මක සියලුම රාජ්‍ය නොවන සංවිධාන ඒ සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන හෝ ක්‍රියාත්මක වීමට අදහස් කරන සියලුම විදේශීය රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි විය යුත්තේ රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ පමණි.

මහලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර්වරයා මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇති අතර එම නිවේදනයට අනුව 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ දැනටමත් ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධානවලටද නැවත වතාවක් රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීමට සිදුවන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...