නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW:
මේ මොහොත තවමත් වැටුණු රටක කඳුළු වැගිරෙන කතා පිරුණු තැනකි.මහනුවර ඒ ව්‍යසනකාරී ඛේදවාචකයේ මුලම කියවෙන නමය.රට යළි යථා තත්ත්වයට පත් වුව ද මහනුවර එසේ කිරීමට දුෂ්කරම තැන බවට කියැවෙන විට,ලංකාවේ රග්බි ක්‍රීඩාවේ කිරුළු පැළද සිටින මහනුවර ක්‍රීඩා සමාජය ද ඒ දුෂ්කරතාවයේම නියෝජනයක් ලෙස සැළකිය යුතුය.ව්‍යසනකාරී තත්ත්වය මත නැවතුණු මැලිබන් රගර් තරගාවලියේ නැවත ආරම්භය මෙන්ම මහනුවර ආරම්භය ද සටහන් කරමින් මහනුවර රගර් රජ දහන වන නිත්තවෙලට පොලිස් කණ්ඩායම ගිය ගමන වැදගත්ය.

ඔවුන් ගියා පමණක් නොව මහනුවර තරගයේ මුල් කාර්තුව සිය අණසකට යටත් කර ගනිමින් ලකුණු 17 – 10 ක් ලෙස පෙරමුණ ගත්තේය. වැටී සිටි මහනුවර රගර් ක්‍රීඩාවේ කීර්තිය ද සමඟ වතුරට පෙඟී ඇද්ද? නායට ලක් වී ඇද්ද සිතා බැලිය යුතු තරමේ ආක්‍රමණයක් පූර්ව භාගයේදී සිඳු වී හමාරය.

එහෙත් භෞතිකව සියල්ල යථා තත්ත්වයට ගෙන ඒමට මහා දිරියකින් සහ සවියකින් මහනුවරට නැඟී සිටින්නට සිඳුවන යථාර්තය තුළ තිබිය යුතු සවිය,දිරිය මෙන්ම ඊට අදාළ විශ්වාසයේ සහතිකයද දෙවන අර්ධයේදී ප්‍රදර්ශනයක් ලෙස එළි කළ මහනුවර ආක්‍රමණය මෙන්ම ආරක්ෂාවද ප්‍රශස්ත මට්ටමේ විය.

දෙවන අර්ධයේදී මහනුවර ආරක්ෂකයෝ පොලිසියට සෙළවෙන්නටවත් නොඳුන්හ.සිය සීමාවට පැමිණ කිසිඳු ලකුණක් ලබන්නට අවස්ථාව නොඳුන් ඔව්හූ පොලිසියේ ලකුණු යන්තරය සම්පූර්ණයෙන් අක්‍රීය කර දැමූහ.එසේම මහනුවර ආක්‍රමණය ඒ හා සමානවම සිඳු විය.ලකුණු 39 ක් මුල් කාර්තාවේ ලකුණු 10 ට එක් විය.ඒ අනුව තරගයේ නිමාව සටහන් වන මොහොතේ නිත්තවෙල මිනිස්සු යම් තරමකට සංවේගයෙන් මෑත්ව සතුටු වන මිනිස්සු කළ හැකි බවට පරිවර්ථිත ලකුණු පූවරුවක් නිත්තවෙල පිටියේ ප්‍රදර්ශනය විය.ඒ ලකුණු 49 – 17 ක් ලෙසය.

මහනුවර ජයග්‍රහණයට උත්සාහක දිණුම් 9 ක් එක් වී තිබිණ.පළපුරුදු දිනාල් ඒකනායක සහ කවිඳු පෙරේරා ඉන් දෙක බැඟින් ලබා ගත්හ.දහන් වික්‍රමාරච්චි,ආසිරි සෙනවිරත්න,චාල්ස් ප්‍රවීන්,දුලක්ධ දන්ගේ,මලිත විජේසුන්දර සහ තුවාන් ඩිල්ෂාන් ෆරීඩ් එක උත්සාහක දිණුම බැඟින් ලබා ගන්නට සමත් වූ අතර සමස්ත උත්සාහක දිණුම් 9 න් දෙකක ප්‍රවර්ථනය සාර්ථක කර දෙන්නට හිරුෂ නෙත්මිණ සමත් විය.
පොලිසියේ ලකුණු 17 අශාන් ඩාලින් සහ ධනුෂ්ක එදිරිසූරිය ලබා ගත් උත්සාහක දිණුම් දෙකකින් සහ එම උත්සාහක දිණුම් දෙකේ ප්‍රවර්ථනය සාර්ථක කරමින් සහ නිදහස් පහරකින් ලබා ගත් ලකුණු 3 න් ද පෝෂණය කළ ප්‍රින්ස් චාමරගේ දායකත්වයෙන් පෝෂණය වී තිබිණ.
මහා සොහොනක් බඳු මිනිස් ජීවිත ගණනාවක් රටට අහිමි කළ මොහොතක රගර් ක්‍රීඩාව ඒ උපද්‍රව මැඳින් නැඟී සිටිමන් මහනුවරින් ගත් ආරම්භය වැදගත්ය.එහෙත් එහිදී පස් යට මිහිදන්ව සිටින සහ ජල රකුසාට බිලි වූ විශාලම මිනිස් ජීවිත සම්බන්ධයෙන් කණගාටුව සහ ශෝකය ප්‍රකාශ කරන්නට කණ්ඩායම් දෙකට අඩුම තරමේ කළු පටියකින් සැරසී හෝ තරග කරන්නට සංවිධානාත්මක වැඩක් සිඳුවිණිනම් එය මානුෂීය වගකීමක් ඉටු කිරීමක් වනු ඇත.


