ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW :

සියළු දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමට යම් කාලයක් ගතවිය හැකි බවත්, ඒ අනුව ආපදාවෙන් විනාශ වූ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණයට ඩොලර් මිලියන 400 ක් පමණ වැයවෙනු ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

ස්ප්‍රිංවැලි හා කන්දෙගෙදර රෝහල් වෙනත් ස්ථානවල ස්ථානගත කර ඇති බවත්, ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට පත්කර ඇති බවත් චන්ද්‍රකීර්ති මහතා කියා සිටී.

තවද, බලපෑමට ලක්වූ මහිංයගනය සහ හලාවත රෝහල් කටයුතු ද යථා තත්ත්වයට පත්කර ඇති බවත්, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, ආපදා හේතුවෙන් රෝහල්වල සී.ටී ස්කෑන් යන්ත්‍ර වැනි උපකරණ රැසකට දැඩි හානි සිදුව ඇති බවද, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැඩිදුර පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නැවතත් රජීව්ට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය...