පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW :

ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත්වු පවුල් වල දරු දැරියන්ට පොත් පත් සහ පාසල් උපකරණ සැපයීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් අරඹන ලද “ආදරය” වැඩසටහන යටතේ දිවයිනේ දකුණ, වයඹ, මධ්‍යම,ඌව,උතුර සහ නැගෙනහිර, බස්නාහිර සහ සබරගමුව පළාත් වල විපතට පත් පවුල්වල දරු දැරියන් 50000 කට අවශ්‍ය කරන පාසල් උපකරණ සහ පොත්පත් පෑන් පැන්සල් ආදිය සැපයීම දැන් ආරම්භ කර තිබේ.

ඒ අනුව හම්බන්තොට,ගම්පහ, කෑගල්ල .නුවරඑළිය කුරුණෑගල,අම්පාර, මහනුවර ආදී දිස්ත්‍රික්ක ගණනාවක දරු දැරියන්ට මේවන විටත් අදාල අධ්‍යාපන උපකරණ කට්ටල සපයා ඇති බව මන්ත්‍රීී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය .

තමන් සංකේතාත්මකව ආරම්භක උත්සවයේදිි දරු දැරියන් කිහිප දෙනෙකුට අවශ්‍ය උපකරණ කට්ටල භාරදීමෙන් පසු ඉදිරියට වැඩසටහන් පවත්වාගෙන යාම සිය පක්‍ෂ යාන්ත්‍රණය මගින් සිදු කරන බව සඳහන් කළ මන්ත්‍රීවරයා එහිදී කිසිදු පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීම තමන්ගේ අරමුණ බව පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...