අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ, ඔහුව අද (15) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

මෙම සිද්ධිය සැකකරුවකු වශයෙන් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

ධම්මික රණතුංග අත් අඩංගුවට ගෙන තිබුණේ 2017-2018 වර්ෂ සඳහා ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව වෙත ඉන්ධන මිලදී ගැනීමට නියමිතව තිබූ දිගුකාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කර ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමට සිදු වීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කිරීමේ චෝදනාව මත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...

2025 තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4% ක් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...