José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

José Antonio Kast චිලී ජනාධිපති ධුරයට  තේරී පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. José Antonio Kast ජයග්‍රහණය කර තිබෙන්නේ. 1990 දී හමුදා ඒකාධිපතිත්වය අවසන් වීමෙන් පසු තියුණුම දක්ෂිණාංශික පාලන තන්ත්‍රයේ හුවමාරුවකින් පසුවයි.

එරට මාධ්‍ය සඳහන් කරන්නේ, පාලක රජයේ සහාය ලබන වාමාංශික අපේක්ෂිකා ජෙනට් ජාරා සමග පැවති දෙවන වටයේ ඡන්ද විමසීමේදී කැස්ට් 58% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බවයි . ප්‍රතිවාදී ජෙනට් ජාරා එහිදී 42% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් ව ඇත.

දශක ගණනාවක් පුරා පැවති දේශපාලන ජීවිතය පුරාම, කැස්ට් දැඩි දක්ෂිණාංශික මතධාරියෙකු ලෙසයි සැලකෙනා අතර, දේශසීමා ඉදිකිරීම, ඉහළ අපරාධ සහිත ප්‍රදේශවලට හමුදාව යෙදවීම හා නීති විරෝධී ලෙස රට තුළ සිටින සියලුම සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඔහුගේ ජනාධිපතිවරණ යෝජනා වලට ඇතුලත් බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...