රට දිනන මග කුමක්ද ? – සර්වපාක්ෂික හමුව අමතා විපක්ෂ නායක සජිත් කියයි (VIDEO)

Date:

ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම උදෙසා ජාති ආගම් කුල මල බේද නොසලකා සියලු දෙනා එකට එක් විය යුතු බවත්, අවස්ථාවාදීත්වය බැහැර කරමින් රට ගොඩනැගීමේ අරමුණ ප්‍රමුඛ කර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජාතිවාදය වර්ගවාදය ආගම්වාදය ප්‍රතික්ෂේප කරන නීති රීති පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා සියලු ජන කොටස් අතර විශ්වාසය සහතික කිරීම අත්‍යවශ්‍ය බව ද අවධාරණය කළේය.

දේශපාලන වශයෙන් සහ මතිමතාන්තර වශයෙන් තිබෙන වෙනස්කම් වලට ගරු කළ යුතු බවත්, රටක් හැටියට එක්ව කටයුතු කළ යුතු අවස්ථාව තුළ එවැනි මත වාද පසෙකලා කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පසුගිය 13 වනදා පැවති සර්ව සර්වපාක්ෂික හමුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

බොරැල්ලේ පාසලක තාප්පයක් කඩාවැටී සිදුවූ අනතුරින් එක් සිසුවකුට බරපතළයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා...