*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

ජුලී චන්ග්ගේ සතුට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): IMF විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන දෙවැනි වාරිකය සඳහා අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය කියා සිටී.

මෙම පියවර ශ්‍රී ලංකාව සඳහා තීරණාත්මක පියවරක් බවත් එය රටේ ප්‍රගතිය සඳහා පමණක් නොව, තිරසර ප්‍රතිසංස්කරණ සහ වැඩිදියුණු කළ පාලනයේ අඛණ්ඩ වැදගත්කම අවධාරණය කරන්නක් බවත්, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිනිය පෙන්වා දෙයි.

කෙසේ වුවද වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙන ජුලී චැන්ග් මහත්මිය ආර්ථික ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා ශ්‍රී ලංකාවේ ගමන් මඟට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය හිමිවන බවද කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan