තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීමේ නව වැඩපිළිවෙලක්!`

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලබන 2024 වර්ෂයේ සංවර්ධන කටයුතු සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3000 ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර, එම මුදලින් ,රු. මි. 1000ක් තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීමේ වැඩ සටහන් සඳහා වෙන් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

එමඟින් තරුණයින් 1000ක් තෝරාගෙන ඔවුන්ට රුපියල් මිලියනය බැගින් ලබා දී අපනයනය ඉළක්ක කර ගත් වගාවන් සඳහා යොමු කිරීමට නියමිතයි.

විශේෂයෙන් ලබන වසරේ දී ප්‍රධාන බෝග හතරකට ප්‍රමුඛත්වය ලබා දී වගා කෙරෙන අතර ඊට වී, බඩඉරිඟු, මිරිස් සහ අර්තාපල් අයත් වේ.

අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම තරුණ ප්‍රජාව මෙම බෝග වගා කිරීම සඳහා මෙන්ම දැනට අන්තර්ජාතිකව ඉල්ලුමක් ඇති බෝග වගාව සඳහා ඔවුන් උනන්දු කිරීමටත්, විශේෂයෙන් තරුණ ප්‍රජාවට කෘෂිකර්මාන්තය කෙරෙහි විශ්වසනීයත්වයක් ඇති කිරීම සඳහාත් මෙම පියවර ගත යුතුව ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Cadge Bird වෙනුවෙන් ලංකාවට ආ රුවැත්තී “Varalaxmi Sarath Kumar”

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : "Cadge Bird" නැමති...

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...