මෝල්ඩෝවා සහ යුක්‍රේනය ගැන යුරෝපීය නායකයින් ගත් තීරණය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෝල්ඩෝවා සහ යුක්‍රේනය සමග යුරෝපා සංගම් සාමාජික සාකච්ඡා ආරම්භ කිරීමටත්, ජෝර්ජියාවට අපේක්ෂක තත්ත්වය ලබා දීමටත් . යුරෝපීය නායකයින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එ අනුව යුක්‍රේනයේ ජනාධිපති Volodymyr Zelensky බ්‍රසල්ස් හි පැවති සමුළුවකදී ගත් තීරණය තම රට සහ යුරෝපයේ ජයග්‍රහණයක් ලෙසට හඳුන්වා ඇති බවද වාර්තා වේ. මේ අතර යුරෝපා කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල්ගේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ එකඟතාව ඒකමතික බවයි.

හංගේරියාව Kyiv සමග ආරම්භ වන සාකච්ඡාවලට දිගු කලක් විරුද්ධ වූ නමුත් එම පියවරට නිෂේධ බලය ලබා දී නැති බවද සඳහන් වේ.

යුක්‍රේනය සහ මෝල්ඩෝවා යුරෝපා සංගමයට බැඳීමට ඉල්ලුම් කළේ රුසියාව 2022 පෙබරවාරි මාසයේදී යුක්‍රේනයට පූර්ණ පරිමාණ ආක්‍රමණය දියත් කිරීමෙන් පසුවයි .

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔවුන් දෙදෙනාටම පසුගිය ජුනි මාසයේදී අපේක්ෂක තත්ත්වය ලබා දුන් බවයි.

මේ අතර , යුක්‍රේනය සමග යුරෝපා සංගමයට ඇතුල් වීමේ මාවත බෙදා ගැනීමට ලැබීම ගෞරවයක් බව, මෝල්ඩෝවේ ජනාධිපති Maia Sandu පවසා ඇත.

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...