වැඩබලන පොලිස්පතිට එරෙහිව NPP කාන්තාවන්ගෙන් පෙත්සමක්!

Date:

කොළඹ LNW:පසුගියදා පොල්දූව මංසන්ධියේ දී ජාතික ජන බලවේගයේ සාමාජික කාන්තාවන් විසින් පැවැත් වූ සාමකාමී විරෝධතාවට ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළකරමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු වග උත්තරකාර පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර තිබේ.

ඒ,මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන්රුපියල් මිලියනය බැඟින් වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.

ජාතික ජනවලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී අචාර්ය හරිනි අමරසූරිය ඇතුළු එහි සාමාජිකාවන් පස් දෙනෙකු විසින් එම පෙත්සම ගොණු කර ඇත.

එහි වග උත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්,වැලිකඩ,තලංගම හා මිරිහාන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරු, නුගේගොඩ දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා,නීතිපතිවරයා ඇතුළු 09 දෙනෙකු නම් කර තිබේ.

පාර්ලිමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශිර්ෂය පිළිබඳ විවාදය පැවති ඉකුත් 04 වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේ දී එම විරෝධය පැවති අතර සාමකාමී ලෙස පැවති එම විරෝධතාවයට පොලිස් නිලධාරීන් විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ජල ප්‍රහාර එල්ලකර විසුරුවා හැරීමට කටයුතු කළ බවත්, එවැනි බලයක් යෙදවීමට එම අවස්ථාවේ දී පොලීසියට කිසිදු අවශ්‍යතාවයක් මතු නොවූ බවත් පෙත්සමෙන් චෝදනා කර සිටියි.

පොලීසිය විසින් සිදුකළ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම මඟී තවදුරටත් ඉල්ලා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...