සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): ආසියානු අවුරුදු 19 න් පහළ පිරිමි සීමිත පන්දුවාර තරගාවලියේ අවසාන තරගයට තේරී පත්වීමට එක්සත් එමීර් රාජ්‍යයේ සහ බංගලාදේශයේ අවුරුදු 19 න් පහළ කණ්ඩායම්වල ක්‍රීඩකයෝ සුදුසුකම් ලබා ගත්හ.එහිදී එමීර් රාජ්‍යය කණ්ඩායම පකිස්තානය ලකුණු 11න් පරාජය කිරීමට සමත් විය.බංගලාදේශය ඉන්දියාවට එරෙහිව කඩුලු 4න් ජය ගැනීමට සමත් විය.
මේ තරගාවලියේ ප්‍රබලම ආසියානු ක්‍රිකට් කණ්ඩායම් හැටියට පිළිවෙලින් ඉන්දියාව,පකිස්තානය සහ ශ්‍රී ලංකාව තරගාවලියට පෙර හඳුනාගෙන තිබුණත් එම කණ්ඩායම් තුනෙන් ශ්‍රී ලංකාවට අවසාන පූර්ව වටයටවත් ඒමට ඉඩ නොලැබිණ.ඒ ඔවුන් මූලික වටයේදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ බංගලාදේශයට එරෙහිව ලද පරාජයන් හේතුවෙන්ය.එම පරාජයන් ජයග්‍රහණ කරා හරවා ගන්නට ශ්‍රී ලංකාවට නොහැකිවීම ගැටළුවක් මෙන්ම ඒ සඳහා යම් හැකියාවක් තිබුණ බව ද අද නිමාව දුටු අවසාන පූර්ව තරගවලදී එමීර් රාජ්‍ය කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම ඉදිරියේ ඉන්දියාව සහ පකිස්තානය මුහුණ පෑ ඉරණම දුටු විට හැඟෙයි.


මතුපිටින් මේ තරගාවලියේ සූරයන් හැටියට මවා ගෙන සිටි සියලු අදහස් දූවිලි බවට පත් කර දැමූ එමීර් රාජ්‍යය කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතරින් පකිස්තානය සහ එමීර් කණ්ඩායම අතර තරගයේදි පකිස්තානය කාසියේ වාසිය දිනා එමීර් රාජ්‍යයට පළමුව පන්දුවට පහර දීමට ආරාධාන කළේය.එය පහසු අභියෝගයක් නොවුණු අතර ඔවුන්ගේ කඩුලු 5 ක් ම ලකුණු 89 ට අහිමිව ගිය තැන නායක ආයන් අෆ්ෂාල් ඛාන් නායකත්වයේ ආදර්ශය සහිත සුවිශේෂි ඉනිමක් දියත් කළේය.හයවන කඩුල්ලට ඔහු එතාන් ඩි සෝෂා සමඟ ලකුණු 54 ක් සබදතාවයක් පවත්වමින් ලකුණු පූවරුව ඉහළට ගෙන ඒමට උත්සාහ ගත්තේය.අවසානයේ 48 වන ඕවරයේ පස්වන පන්දුවේදි ආයන් අවසන් කඩුල්ල ලෙස දැවී යන විට ඔහු ලකුණු 55 ක් ලබාගෙන තිබුණේ පන්දු 57 ක් පමණක් වැය කරමින්ය.
ලකුණු 193 ක ට සීමා වූ එමීර් ඉණිම හඹා යාමට පිටියට පිවිසි පකිස්තානය නොසිතූ විරූ අභියෝගයකට ලක් කරමින් පීඩනය ඇති කළ එමීර් තරුණයෝ එක දිගටම තරගයේ රැදී උන්හ.කඩුලු 3 දැවී ලකුණු 105 ක් ව තිබියදී පකිස්තානය සිටියේ ජයග්‍රහණය පෙනෙන මානයේය.නමුත් ක්‍රිකට් හී අවිනිශ්චිත බවට සාක්ෂි සැපයූ නායක ආයන් සම්බන්ධ වෙමින් අනපේක්ෂිත දුවද්දී දැවී යාම් දෙකකට පකිස්තානය ගොදුරු කර ගැනීමත් සමඟ ලකුණු පූවරුව කඩුලු හයකට ලකුණු 121 ක් දක්වා පකිස්තානයට අවදානම දනවන පැත්තකට හැරිණි.එම තත්ත්වය වෙනස් කරන්නට අලි අස්ෆාන්ඩ් (නොදැවී 17) සහ අමීර් හසන් (27) සෑහෙන උත්සාහයක් ගත්තද එමීර් තරුණයෝ එලන ලද දැළ බිදුවක්වත් බුරුල් නොකරන්නට වග බලා ගත්හ.අවසානයේ පකිස්තාන කණ්ඩායම 50 වන පන්දු ඕවරයේ තෙවන පන්දුවේදී සියලු දෙනා දැවී ගියේ ලකුණු පූවරුව 182 ක් ව තිබියදී ය.
https://www.espncricinfo.com/series/asian-cricket-council-under-19s-asia-cup-2023-24-1411739/united-arab-emirates-under-19s-vs-pakistan-under-19s-1st-semi-final-1411759/full-scorecard
ඉන්දියාව සහ බංගලාදේශය අතර තරගයේදි කාසියේ වාසිය හිමි වූයේ බංගලාදේශයටය.පන්දුවට පහරදීමට ඔවුන් ඉන්දියාවට ඇරයුම් කළ අතර ඉන්දීය ඉණිමට ආරම්භයේ සිටම ඔව්හූ දැඩිව තර්ජන ඇති කළහ.කඩුලු 6 ක් ලකුණු 61 ට බිඳි වැටී තිබියදී අංක 6 පිතිකරු මුෂීර් ඛාන් (50) සහ අංක 8 පිතිකරු මුරුගන් අභිශේක් (62) එක්න 7 වන කඩුල්ලට ලකුණු 84 ක් එක් කරමින් ඉන්දීය ඉණිම ලකුණු 100 න් එපිටට තල්ලු කරන්නට දායක වූහ.නමුත් ලකුණු 188 දී සියල්ලෝම දැවී යාම වළක්වන්නට එම ප්‍රයත්නය ප්‍රයත්නය සාර්ථක නොවිණි.
පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දැක් වූ මරූෆ් ම්රිධා ලකුණු 41 ට කඩුගු 4 ක් දවා ගනිමින් ජයග්‍රහණයට මඟ පෑඳූ වීරයා බවට පත් විය.පිළිතුරු ඉණිමට පිවිසි බංගලාදේශයට කඩුලු 3 ක් ලකුණු 33 දි අහිමි වුව ද,සිව්වන කඩුල්ලට ලකුණු 138 ක් එකතු කරන්නට අරිෆුල් ඉස්ලාම් (94) සහ අහ්රාර් අමීන් (44) සමත් විය.පන්දු 90 න් ගලා ආ අරිෆුල් ගේ ලකුණු 94 ට සුවිශාල සහයක් දෙමින් කඩුල්ල රැක ගත් අමීන් සිය ලකුණු 44 ට පන්දු 101 වැය කරමින් කඩුල්ල රැක ගෙන කඩුලු සබඳතාවය විශාල කරන්නට දායක විය.ඔහු දැවී ගියේ හයවන කඩුල්ල ලෙස ජයග්‍රහණයට ලකුණු 2 ක් මදිව තිබියදී ලකුණු පූවරුව ලකුණු 187 ක් ව තිබියදී ය.
ඉන්දීය බංගලාදේශ ලකුණු පූවරුව
https://www.espncricinfo.com/series/asian-cricket-council-under-19s-asia-cup-2023-24-1411739/bangladesh-under-19s-vs-india-under-19s-2nd-semi-final-1411760/full-scorecard
ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය පෙන් වූ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය හැදින්විය හැකි අතර ලොව පුරා ඕනෑම කණ්ඩායමකට තරගයේ ස්වභාවය විසින් ජය හෝ පරාජය හිමි විය හැකි බව මේ තරගාවලියේ මේ දක්වා වන ප්‍රතිපල පැහැදිළි කර අවසන්ය.විශේෂයෙන් ටෙස්ට් ජාතීන් පහක් සිටින ආසියාවේ එම කණ්ඩායම් හතරක්ම මේ වන විටත් ගෙදර යවා අවසන්ය.ටෙස්ට් තත්ත්වය නොමැති එක්සත් අරාබි එමිර් රාජ්‍යය අවසාන තරගයට මුහුණ දෙන එක කණ්ඩායමක්ය.
මේ තත්ත්වය හිටපු ජාතික ක්‍රීඩා සභාව සහ ක්‍රිඩා අමාත්‍යවරයා යටතේ සිදු විණිනම් මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පරාජය වීම නිසා කණිෂ්ඨ තේරීම් කමිටුවත් ගෙදර ගොස් තිබෙන්නට ඉඩ තිබිණ.ක්‍රීඩාවේ ස්වභාවය නොදන්නා දේශපාලකයන්ව ක්‍රිඩාවේ වෙනස් ගේම් ගසන්නන්නට භාවිතා කළ හැකි බව තේරුම් ගන්නට ආසියානු කුසලාන අවසාන තරගය දෙසට තේරී සිටින කණ්ඩායම් දෙකෙන් සාක්ෂි සපයා ගැනීමට හැකිය.

