වතුර බෝතලේ ඉදන්ම අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා – අමාත්‍ය වසන්ත සමරසිංහ

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ (LNW):

වතුර බෝතලේ ඉදන්ම අපේ රටේ ප්‍රශ්නයක් තිබෙන බවත්, ඉදිරියේදී භාණ්ඩ ගණනාවකට උපරිම සිල්ලර මිලක් පැනවීමට තීරණය කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අද (16) අනුරාධපුර ප්‍රදේශයේදී ය.

“කුකුල් මස් විතරක් නෙමයි වතුර බෝතලේ ඉදන්… රුපියල් 100යට විකුණන වතුර බෝතලය රුපියල් 40ට අඩුවෙන් විකුණන් පුළුවන්. ලුණු පැකට් එක රුපියල් 52කට දාන්නේ ඒක රුපියල් 100ට විකුණන්නේ. මේ ලුණු කර්මාන්තයේ ලුණු නෑ කියලා දැන් ප්‍රශ්නයක් තියෙනවා. වතුර බෝතලේ ඉදන්ම අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා වෙළෙඳපොළ ඇතුළේ පාරිභෝගිකයාට බරපතළ බරක් දරන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොට පාරිභෝගික අධිකාරිය හරහා තියෙනව පාරිභෝගික කවුන්සිලය මේ උපරිම සිල්ලර මිල තීරණ කිරීම සඳහා භාණ්ඩ ගණනාවක මිල තීරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් තියෙනවා. ඉදිරියේදී ඒවා දැනගන්න ලැබෙයි.” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...