වතුර බෝතලේ ඉදන්ම අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා – අමාත්‍ය වසන්ත සමරසිංහ

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ (LNW):

වතුර බෝතලේ ඉදන්ම අපේ රටේ ප්‍රශ්නයක් තිබෙන බවත්, ඉදිරියේදී භාණ්ඩ ගණනාවකට උපරිම සිල්ලර මිලක් පැනවීමට තීරණය කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අද (16) අනුරාධපුර ප්‍රදේශයේදී ය.

“කුකුල් මස් විතරක් නෙමයි වතුර බෝතලේ ඉදන්… රුපියල් 100යට විකුණන වතුර බෝතලය රුපියල් 40ට අඩුවෙන් විකුණන් පුළුවන්. ලුණු පැකට් එක රුපියල් 52කට දාන්නේ ඒක රුපියල් 100ට විකුණන්නේ. මේ ලුණු කර්මාන්තයේ ලුණු නෑ කියලා දැන් ප්‍රශ්නයක් තියෙනවා. වතුර බෝතලේ ඉදන්ම අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා වෙළෙඳපොළ ඇතුළේ පාරිභෝගිකයාට බරපතළ බරක් දරන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොට පාරිභෝගික අධිකාරිය හරහා තියෙනව පාරිභෝගික කවුන්සිලය මේ උපරිම සිල්ලර මිල තීරණ කිරීම සඳහා භාණ්ඩ ගණනාවක මිල තීරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් තියෙනවා. ඉදිරියේදී ඒවා දැනගන්න ලැබෙයි.” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...