හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ ජීප් රථයේ තිරිංග පද්ධතිය නිසි ලෙස නඩත්තු කර නොමැති බවත් එහි දෝෂයක් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් කළ පරීක්ෂාවකදී මේ බව අනාවරණය වී ඇතැයි පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අනුව එම තිරිංග පද්ධතියේ දෝෂය සැකසීම සඳහා කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අශෝක රන්වල මහතාට එරෙහිව නඩු පැවරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් සඳහන් කළේය.

කෙසේවෙතත් අශෝක රන්වල මහතා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බවත් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඔහුගේ රුධිර සාම්පල රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අශෝක රන්වල මහතා පැදවූ ජීප් රථය පසුගිය 11 වනදා රාත්‍රියේ සපුගස්කන්ද, දෙනිමල්ල ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්වූ අතර එම මෝටර් රථයේ ගමන් ගත් මාස 7ක් වයසැති බිළිඳියක්, ඇගේ මව සහ මිත්තණිය එහිදී තුවාල ලැබූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...