සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

Date:

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. කෘෂිකාර්මික අංශය 3.6%කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත අංශය 8.1%කින්ද, සේවා අංශය 3.5%කින්ද වර්ධනය වී තිබෙනවා. මෙම (2025) තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 2017දී 6.0%ක වර්ධන වේගයක් වාර්තා වීමෙන් පසුව තුන්වන කාර්තුවකදී වාර්තා වන ඉහළම ආර්ථික වර්ධන වේගයයි.

වසරේ පළමු හා දෙවන කාර්තු වල ආර්ථික වර්ධන වේගයන් පැවතුණේ පිළිවෙලින් 4.8% හා 4.9% මට්ටම් වලයි. මේ අනුව, සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5.0%ක් ලෙස වාර්තා වෙනවා.

ආපදා තත්ත්වයේ බලපෑම හේතුවෙන් හතරවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය අඩු වීමට ඉඩ ඇතත්, පළමු කාර්තු තුනේ ප්‍රතිඵල අනුව, මෙම වර්ෂයේ ආර්ථික වර්ධන වේගය 4.0%-4.5% සීමාවෙන් පහතට වැටීමේ ඉඩක් නැහැ. ආර්ථික වර්ධනය කෙරෙහි ස්වභාවික ආපදා හේතුවෙන් ඇති වන බලපෑම තාවකාලික බැවින් එමගින් රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් සිදු වන්නේ නැහැ.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...