හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Date:

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු සහ මාධ්‍ය අධිපතියෙකු මෙන්ම ජාත්‍යන්තර ඇඳුම් සන්නාමයක් වන ජියෝර්ඩානෝහි නිර්මාතෘ වන ජිමී ලායි විදේශීය බලවේග සමඟ හවුල් වීම සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක නීතිය (NSL) යටතේ වරදකරු බවට පත්ව ඇති බව වාර්තා වේ.

ජිමිලායිට එරෙහි චෝදනාවන් යටතේ ඔහු විසින් හොංකොං සහ චීනයට සම්බාධක පැනවීම සඳහා විදේශීය රජයන්ට බලපෑම් කිරීමේ පුළුල් උත්සාහයක කොටසක් ලෙස ලායි ඔහුගේ දැන් අක්‍රියව ඇති ඇපල් ඩේලි පුවත්පත භාවිතා කළ බව අධිකරණය සොයා ගෙන ඇති අතර ලායි 2019–2020 හොංකොං විරෝධතා අතරතුර අවස්ථා කිහිපයකදී එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස්, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හමු වී හොංකොං සහ චීනයට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී සකජ්චා කර ඇති බව එරට අධිකරණය තහවුරු කරගෙන තිබේ.

ඒ අනුව, 2020 අගෝස්තු 10 වන දින හොංකොං පොලිසිය විසින් ප්‍රදේශයේ නව ජාතික ආරක්ෂක නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා මත ලායි අත්අඩංගුවට ගන්නා ගෙන් ස්ටැන්ලි බන්ධනාගාරයේ හුදකලා සිරකඳවුරක සිරගත කර කරන ලද අතර ලායි තමාට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

කෙසේ නමුත් 2025 දෙසැම්බර් මාසයේදී වැරදිකරු බව ඔප්පු වීමත් සමඟ හොංකොං අධිකරණය ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වන අතර ලබන වසරේ මුල් භාගයේදී ඔහුට දඬුවම් නියම කිරීමට නියමිතය.

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කියර් ස්ටාමා සහ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු බටහිර රජයන් වසර ගණනාවක් තිස්සේ ලායි නිදහස් කරන ලෙස ඉල්ලා සිටි අතර, බීජිං සහ හොංකොං එය ප්‍රතික්ෂේප කර ඇති අතර චීන රාජ්‍යයේ දැඩි විවේචකයෙකු වන ලායි, 2019 දී හොංකොං ගිලගත් ප්‍රජාතන්ත්‍රවාදී ගැති විරෝධතාවල ප්‍රධාන චරිතයක් මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) ප්‍රමුඛ විවේචකයෙකු ලෙස සැලකේ, ඔහු සමූලඝාතනය විවේචනය කරමින් තීරු ලිවීම ආරම්භ කළ අතර ඇපල් ඩේලි සහ නෙක්ස්ට් ඇතුළු ජනප්‍රිය ප්‍රජාතන්ත්‍රවාදී ගැති ප්‍රකාශන මාලාවක් දියත් කළ අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...