මාරක අනතුරක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW :

සුඛෝපභෝගි බස් රථයක්, මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකෙනෙක ගැටීමෙන් දරුණු රිය අනතුරක් සිදු ව ඇත.

ඒ, වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයයට අයත් තෙලුල්ල ප්‍රදේශයේ දීයි.

එම අනතුරෙන් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර , පසුව යතුරුපැදිකරු මියගොස් ඇති බව වාර්තා වේ..

මෙසේ මියගොස් ඇත්තේ තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිදෙකක් වන තරුණයෙක් වන අතර ඔහු සිය මිතුරා සමග තිස්සමහාරාම සිට කරදගොල්ල ප්‍රදේශයේ සුරතල් බලු පැටවෙකු මිලදී ගැනීම සදහා යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබෙන බව වාර්තා වේ.

කුඩාඔය පොලිසිය පවසන්නේ, තුවාල ලැබූවන් අතර බස් රථයේ කොන්දොස්තරවරයා, යතුරු පැදියේ පසුපැදිකරු සහ මෝටර් රථයේ ගමන් ගත් රියදුරු සහ තවත් කාන්තාවක සිටින බවයි.

මෝටර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරුට හේතුව බව මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇති අතර , අනතුර සම්බධයෙන් ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...

පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...