උපාලි කොළඹගේ
කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත් විදියට අපහාස කරන පෝස්ටු මේ දිනවල සමාජ මාධ්‍යවල බෙහෙවින් දක්නට ලැබේ. ඇත්ත වශයෙන්ම මේ අභාග්‍යමත් මාධ්‍ය හරඹයට අනුර කුමාරට පමණක් නොව ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ නායක කාරකාදීන්ට ද මුහුුණ පෑමට සිදු වී තිබේ. පොදුවේ සමාජයේ කාටත් මේ තත්ත්වය ට මුහුුණ දීමට සිදු වී තිබේ.
මා නම් මේ තත්ත්වය දකින්නේ සදාචාරවත් මාධ්‍ය කලාවට එල්ලවූ අතුල් පහරක් ලෙසය. සමාජ මාධ්‍ය තුළ හටගත් පිළිලයක් ලෙසය. පිළිලය ඉවත් කිරීමේදී ගසටද යම් අතුරු ආන්තරාවක් සිදු වීමේ යම් ඉඩක් පවතී. සමාජ මාධ්‍ය ත්‍රස්තවාදය මර්දනයේදී නිදහස් මාධ්‍යටද එම තත්ත්වය උදාවීමේ ඉඩක් පවතීවි යැයි බියක් මා තුළ පවතී.
ඇත්ත වශයෙන්ම මෙම ප්‍රවනතාව ගිය ආණ්ඩු කාලවලදී ද පැවතිණ. එහෙත් එම අවස්ථාවේ එවකට විපක්ෂයේ සිටි ජවිපෙ හා හිතවාදීන් ඉන්යම් ආතල් ගැනීමක් සිදු කළා මිස මෙම අසීලාචාර ප්‍රවණතාවයේ දිග දුර යෑම ගැන සිතුවේ නැත.
කෙසේ වුවත් දැන් නම් මේ තත්ත්වයේ උපරිමයට ළඟා වී ඇති බව නම් කිව යුතුය. අසභ්‍ය ප්‍රචාර පමණක් නොව අසත්‍ය කරුණු සමාජ මාධ්‍ය මගින් මුදා හැරීමද මේ හා සමානවම සිදු කෙරේ.
මීට එරෙහිව කළ යුත්තේ කුමක්ද යන්න පැහැදිලි නැතත් කුමක් හෝ කළ යුතු බව නම් පරම සත්‍යයකැයි සිතමි. ඇත්ත වශයෙන්ම විවේචනය මීට කිසි සේත් ඈඳා ගත යුතු නැත. විවේචනය කළ යුතුය ඇතැම් විවේචන කර්කශය. විවේචනයට බඳුන් වන්නාට කිසිසේත් ගෝචර නොවන්නට පුළුවන. නමුත් ඉතාමත් නින්දිත ආකාරයේ අපහාසයන්ට ඉඩදිය යුතු නැත.
අනුර කුමාර ජනාධිපති හෝ ඔහුගේ ආණ්ඩුව විවේචනයට ඕනෑ තරම් කරුණු තිබේ. ජනාධිපති ක්‍රමය වෙනස් කර පාර්ලිමේන්තුවට වග කියන නව ආණ්ඩු ක්‍රමයක් සකස් කිරීම, උතුරු නැගෙනහිරට බලය බෙදා හැරීම නැත්නම් ජනවාර්ගික ගැටලුවට තිරසාර විසඳුමක් ලබා දීම, පළාත් සභා ඡන්දය වහා පැවැත් වීම ඇතුළු පොරොන්දු ගොන්නක් මේ ආණ්ඩුව ඉටු කරනු තබා ඒ පිළිබඳව කතා කරන්නේ ද නැත. මීට අමතරව ජීවන බර සැහැල්ලු කිරීමට අදාළව පොරොන්දු රාශියක් දී තිබේ. විශේෂයෙන් දැන් ඇමතිකම් කරන දේශපාලන වේදිකාවේ විකට නළුවන් ඉන්ධන මිල අඩුකිරීම ඇතුළු ගෙදරට බත් පැකට් ගෙනත් දීම, සතිපතා ගමට සංස්කෘතිකාංගයක් ගෙන ඒම ඇතුළු සීනි බෝල පොරොන්දු රාශියක් දුන් බව අපට මතකය. අප නම් ඒවා ඉටු නොකරන පොරොන්දු හැටියට ගෙන එක කනකින් ගෙන අනිත් කනින් පිට කළා මිස තුට්ටුවකට ගණන් ගත්තේ නැත. නමුත් මේ රටේ අහිංසක ජනතාව ලක්ෂ ගණනින් මොවුන්ට ඡන්දය දුන්නේ ඔවුන් විශ්වාස කළ නිසා බවද හොඳින් මතක තබා ගත යුතුය.
නමුත් ආණ්ඩු වේ එම විශ්වාසය කඩ කිරීමට පිළිතුර තිත්ත කුණුහරපෙන් එම නායකයන්ට බැන වැදීම නොවේ. මෙම ක්‍රමය නිවැරදි නම් අපි අකමැති අයගේ නිවාස ඉදිරියට ගොස් සරම උස්සා බැන වැදීමටත් ඉඩදිය යුතුය.
