කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW :

පා. මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස් නිලදාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් සිදුවූවාද යන්න පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ෂණයක් ක්‍රියාත්මක බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටී.

ඇතැම් පාර්ශ්වවලින් පොලිස් නිලධාරීන් අනතුර සිදුවූ අවස්ථාවේදී රාජකාරි පැහැර හැර ඇති බවට එල්ල වන චෝදනා හමුවේ මෙම පියවර ගෙන ඇති බව, අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසීය.

අදාළ විමර්ශන සම්බන්ධයෙන්ද වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මේ වෙනකොට ඔබ දන්නවා ඇති සමහර පාර්ශ්වවලින් චෝදනා එල්ල වූ නිසා පොලීසිය පැත්තෙන් අඩුපාඩුකමක් සිදුවුණා කියලා පොලිස්පතිවරයාගේ නියෝගයෙන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් වූවාද කියන එක සම්බන්ධයෙන් විමර්ෂනයකුත් සිදු කෙරමින් පවතිනවා. මේ සියලු වාර්තා අධිකරණයට ඉදිරිපත් වෙනවා එතකොට ඒ සම්බන්ධයෙන් තීන්දුව බලාගන්න පුළුවන්.” 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...