ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාවගේ නියෝජනයක් අත්‍යාවශ්‍යයි – සජිත්

Date:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියෝජිතයින් පත්කිරීමේදී අනිවාර්යයෙන්ම උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයකුට අවස්ථාව ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“දැන් බරපතළ ප්‍රශ්නයක් තියෙනවානෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ, ඒකත් මම මේ අවස්ථාවේ මතුකරන්න ඕනෙ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට ඉඩ ප්‍රස්තාව ඇහිරිලා තියෙනවා. ඒක වැරදියි. එයින් මහා නරක පණිවිඩයක් දෙන්නෙ මේ රටටත් ලෝකයටත්. එහෙම වෙන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අපි උතුරු නැගෙනහිර ප්‍රජාවගේ නියෝජනයක් සඳහා අවස්ථාව දෙන්න ඕනෙ. ඒ නිසා මම කියන්නෙ ඒ වගේ දේවල්වලින් අපි පටන් ගමු. එතකොට අපි පාලම් හදනවා වෙනවා. මේ ජාතීන් හැටියට වෙන් කරන්න හදනවා නෙවෙයි, නමුත් හැමෝටම නියෝජනයක් තියෙන්න ඕනෙ”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ 13 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සර්ව පාක්ෂික හමුවේදී අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...