විශ්වවිද්‍යාල අර්බුදය මගෙන් දැනගන්න ! – මහාචාර්ය නිර්මාල්

Date:

මේ තියෙන්නෙ මගේ විශ්වවිද්‍යාල ප්‍රතිඵල ලේඛනය. මේකෙන් පළමු සහ දෙවෙනි වසරවල මගේ බුද්ධිමය ධාරිතාවය හා තෙවෙනි හා සිව්වන වසරවල මගේ බුද්ධිමය ධාරිතාවය අතර වෙනස ගැන හොද නිරීක්ෂණයක් කරන්න පුළුවන්.

මගේ තෙවන වසර විභාගයට පෙර 1987 ජූලි මාසයේ විශ්වවිද්‍යාල වහනව. ආයෙ අරින්නේ 1990 ජනවාරි. මේ අතර කාලය තුළ මගේ විශාල බුද්ධිමය පරිවර්තනයක් වෙනව. ඒකට හේතුව මම තදින් වාමාංශික දේශපාලන කව හා ඒ ආශ්‍රිතව සිටි බුද්ධිමත් පිරිස් සමග ඇසුරු කිරීම. ඒ නිසා තමයි මට තෙවෙනි වසරේ හා සිවුවන වසරේ සාපේක්ෂ වශයෙන් හොද ප්‍රතිඵල ලබාගෙන් දෙවන පෙළ ඉහළ සමාර්ථයක් ගන්න හැකිවුනේ.

එහෙම වෙලත් සාමාන්‍ය මට්ටමේ සරළ ඉංග්‍රීසි භාෂාවෙන් දර්ශන පති උපාධි නිබන්ධයක් ලිවීමේ හැකියාව ලැබුනේ ඊටත් අවුරුදු 10කට පස්සෙ. ඒ කියන්නේ වසර 2000. පීඑච්ඩී උපාධිය ගන්න පුළුවන් වුනේ 2007. ඒ වයස 42 දි.

මේ තමයි සාමාන්‍යෙයන් අඩු බුද්ධිමය හැකියාවක් ඇතිව විශ්වවිද්‍යාලවලට එන අයගෙ තත්වය. මම හිතන්නේ මම වගේ සමාජ ආර්ථික පසුබිමකින් එන, ඉහළ බුද්ධිමය හැකියාවක් නැති කෙනෙකුගේ දැන් සාපේක්ෂ තත්වය මගේ 1984 තත්වයට වඩා පහළයි. ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනයත් ඒ තරම් ඉහළ බුද්ධිමය අත්දැකීම් සදහා සිසුන් යොමු කරන එකක් නෙවෙයි. මගේ නියම විශ්වවිද්‍යාල අධ්‍යාපන සමය වුනේ 1987 ජූලි සිට 1990 ජනවාරි දක්වා වූ කාලය. ඒ අර්ථයෙන් මගේ මහාචාර්ය කමේ ගෞරවය යන්න ඕනෙ රෝහණ විජේවීරට.

~ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...