මේක ජීවිතය අනතුරේ හෙළීමක් – දුමින්ද නාගමුව

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට බලධාරීන් සූදානම් වන බවත් එසේ කළහොත් එය ඔහුගේ ජීවිතය අනතුරේ හෙළීමක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ (15 දා) මාධ්‍යයට පැවසීය.

මෙය කුමන්ත්‍රණයක් යැයි ද පැවසූ නාගමුව මහතා බූස්ස බන්ධනාගාරයේ දී මින් පෙර රැඳවියන් පිරිසක් ඝාතනය වූ බව අමතක නොකළ යුතු යැයි ද සඳහන් කළේය.

වසන්ත මුදලිගේට එරෙහිව අධිකරණයට සාක්ෂි ගොනු කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකයට නොහැකි වූ බවත් මෙසේ බන්ධනාගාරය මාරු කරන්න හදන්නේ එවැනි පසුබිමක බවත් නාගමුව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජන අරගල සන්ධානයෙන් විරෝධතා සතියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කරුණු කිහිපයක් මුල්කරගෙන ජන අරගල සන්ධානය විසින්...

ගින්නෙන් උපන් සීතල හැදූ ජයලත් පීරිස් මහින්දගේ චරිතාපදානය ඇසුරෙන් චිත්‍රපටයක් හදන්න සැරසෙයි ?

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ලක්මව රනින් සැරසූ රුමෙෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ආසියානු ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසූ රුමේෂ්...

ලෝක ජනගහනයෙන් 9.2% ක් ( ජනතාව මිලියන 735) දැඩි ආහාර හිඟයකින්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : "ආහාර හානිය සහ...