*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

තිළිණි ප්‍රියමාලි ඇප මත නිදහස් !

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි ඇප මත නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.

ඒ අනුව රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනයක ශරීර ඇපයක් මත ඇය මුදා හරින ලෙසයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ.

අදාළ ඇපකරුවන්ගේ පදිංචි සහතික සහ වත්කම් සහතික ද ඉදිරිපත් කිරීමට නියෝග කෙරුණු අතර ඇයගේ විදෙස් ගමන් තහනම් කිරීමත් නියෝග කෙරිණි.

එමෙන්ම සෑම මසකම අවසන් ඉරිදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමත් මහේස්ත්‍රාත්වරයා ඇයට නියම කළ අතර අගරු වූ චෙක්පත්වලට අදාළ මුදල් ගෙවිය යුතු බවට දැඩි ලෙස අවවාද කරන ලදී.

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවලට අදාළව නඩුකර 8ක් දිවයිනේ විවිධ අධිකරණවල මීට පෙර විභාගයට ගැනුණු අතර එම නඩුකර සියල්ල සඳහා ද මීට පෙර ඇයට ඇප නියම කර තිබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan