ආර්ථික වර්ධනය 11.8%කින් සෘණ වෙයි..

මේ වර්ෂයේ (2022) තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 11.8 කින් සෘණ වී ඇත.

මෙම සෘණ 11.8 ක ආර්ථික වර්ධනය (ආර්ථික සංකෝචනය) යටතේ මේ වර්ෂයේ තෙවන කාර්තුවේ කෘෂිකාර්මික අංශය සියයට 8.7 ක්ද, කාර්මික අංශය සියයට 21.2 ක් සහ සේවා අංශය සියයට 2.6 ක්ද වශයෙන් සෘණ ආර්ථික වර්ධනයන් (ආර්ථික පසුබැසීම්) වාර්තා කර ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (15 දා) නිවේදනය කළේය.

මේ අනුව මේ වසරේ (2022) තුන්වන කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,884,018 ක් ලෙස වාර්තාවී ඇත. 2021 වසරේ තුන්වන කාර්තුවේ ස්ථාවර මිල ගණන් අනුව දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 3,269,510 ක් ලෙසද වාර්තා වී ඇත. 2022 වර්ෂයේ තෙවන කාර්තුවේදී ආර්ථික ක්‍රියාකාරීත්වය කෙරෙහි කොවිඩ් වසංගතය හේතුවෙන් බලපෑම් එල්ල වූ තත්ත්වයක් නොපැවැති නමුත් ආර්ථික ක්‍රියාකාරීත්වය අඩපණ කරන බලපෑම් රැසක් ආර්ථිකය තුළ ක්‍රියාත්මක වීම දැකගත හැකිවූ බවද ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උදය ගම්මන්පිල නිදොස්කොට නිදහස් – මහාධිකරණය තීන්දු කරයි !

ඕස්‍ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල්...

ඥානසාර හිමිට වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්...

රු. බිලි. 40 කට වැඩි ඉන්ධන සහන වැඩසටහනකට කැබිනට් අනුමැතිය !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : මැදපෙරදිග පවතින ගැටුම්...

ලලිත්-කුගන් නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය අධිකරණය හමුවේ පෙනී සිටියි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW: 2011 වසරේදී යාපනයේදී දේශපාලන...