සමාජ පිළිල තුරන් කිරීමට නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ඇමති ටිරාන්ගෙන් පොලිසියට උපදෙස්

මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය මැඩලීම් සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් කැඳවා උපදෙස් ලබාදී තිබේ.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ කුරිරු සහ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන මෙන්ම මත්ද්‍රව්‍ය මැඩලීම සම්බන්ධව කෙරෙන පොලිස් විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම සඳහා අමාත්‍යවරයා විසින් එම රැස්වීම අද (16) පෙරවරුවේ කැඳවා තිබිණි.

සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් සිදුකෙරෙන මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සමස්ත සමාජයටම බරක් වී ඇති බැවින් මෙම ව්‍යසනකාරී තත්වය මර්දනය කිරීම සඳහා ඊට අදාළ පුද්ගලයින්ගේ තරාතිරම නොබලා එවැනි අපරාධකරුවන් සමාජයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි එහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝග කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : බේස්ලයින් මාර්ගය දීර්ඝ...

පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත නිදහස්

අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

2 සහ 6 ශ්‍රේණි සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කරන ලද ජාතික විෂය...

ලලිත්-කුගන් නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම නොවැම්බර් 27 දිනට නියම කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW: 2011 වසරේදී යාපනයේදී දේශපාලන...