ජපානය සිය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඩොලර් බිලියන 320ක් වෙන් කරයි

කලාපීය ආතතීන් සහ රුසියාවේ යුක්රේන ආක්‍රමණය, යුද භීතිය අවුස්සන බැවින් ජපානයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඩොලර් බිලියන 320ක් වෙන් කළ බව අගමැති ෆුමියෝ කිෂිඩා නිවේදනය කර තිබේ.

මේත් සමඟ ජපානය එක්සත් ජනපදයට සහ චීනයට පසුව ලෝකයේ තුන්වන විශාලතම මිලිටරි වියදම් කරන්නා බවට පත් කරනු ඇත.

මෙහිදී අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ තායිවානයට පහර දීමට චීනය නිරන්තරව සිය මිලීටරි ශක්තිය ගොඩනගා ගැනීම හා උතුරු කොරියාවේ හිතුවක්කාරී මිසයිල අත්හදාබැලීම් කලාපීය ආරක්ෂාවට බලවත් තර්ජනයක් බවයි.

ඒ අනුව කිෂිඩාගේ සැලැස්ම ඉදිරි වසර පහ තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 2 ක් දක්වා ආරක්ෂක වියදම් දෙගුණ කිරීමට අපේක්ෂා කරන අතර මේ පිළිබඳව කරන ලද සමීක්ෂණ වලින් තහවුරුව ඇත්තේ ජපානයේ වේගවත් සන්නද්ධකරණයට ඡන්දදායකයින් ගෙන් 70% පමණ සිය මනාපය ලබා දී ඇති බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...