විදුලි බල ක්ෂේත්‍රයේ තවත් හොර මගඩියක් ගැන විපක්ෂ නායක සජිත්ගෙන් සාක්ෂි සහිත හෙළිදරව්වක් ! (VIDEO)

Date:

මෙගාවොට් 700ක සූර්ය බලශක්ති බලාගාරයක්, 100%ක බැටරි බලශක්ති පද්ධතියක් සහ රැහැන් මාර්ග ඇතුළත් කිලිනොච්චි පුනකරි වැව ආශ්‍රිතව සිදු කිරීමට නියමිත සූර්ය බලශක්ති නිෂ්පාදන බලාගාරයක් ඉදි කිරීමට රජය සැලසුම් කර ඇති නමුත් එම ව්‍යාපෘතිය සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදවලින් බැහැරව ඔස්ටේ්‍රලියානු සමාගමක් සමඟ ගිවිසුමකට එළැඹිමට රජය කටයුතු කර ඇති බවත් එය තවත් අන්ත දුෂිත ගණුදෙනුවකට මුල පිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (15) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

2022 ජුනි 9 වැනි දා ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන අවස්ථාවේ විපක්ෂය විසින් මෙගාවොට් 10ට වැඩි පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිවලට ප්‍රසම්පාදන ටෙන්ඩර් ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කළත් එම යෝජනාවට මුල් අවස්ථාවේ විෂය බාර අමාත්‍යවරයා කැමති වී පසුව එයට විරුද්ධ වූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කළේය.

පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළ රටට සම්පතක් නමුත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ද තරගකාරීත්වය ඉවත් කිරීම නිසා මේ වන විට මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් තමන්ට හිතවත් පුද්ගලයන්ට සහ සුදුසුකම් නොමැති ආයතනවලට මෙම අවසර බලපත්‍ර ලබා දී එම බලපත්‍ර නැවත විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

පුනකරි වැව ආශ්‍රිතව සිදු වන මෙම ව්‍යාපෘතිය අන්ත දූෂිත බවත් මෙය තරගකාරී ක්‍රමවේදයෙන් බැහැරව තමන්ට හිතවත් පාර්ශ්වයක් සම්බන්ධ කර ගෙන ක්‍රියාත්මක කරන බවත් එය රටට හානියක් බවත් ඒ සම්බන්ධයෙන් කැබිනට් ලේකම්වරයා ප්‍රමුඛ මෙයට සම්බන්ධ සියලුම නිලධාරීන් රටට වගවීම සහ වගකිවයුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය විසින් තෝරා ගත් මෙම ආයතනයට මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට හැකියාවක් ඇත් ද කියා කිසිදු අධ්‍යයනයක්, පර්යේෂණයක් සිදු කර නොමැති බවත් යුනයිටඩ් සෝලර් එනර්ජි ශ්‍රී ලංකා ප්‍රයිවට් ලිමිටඩ් නම් මෙම ආයතනයේ වෙබ් අඩවියට අනුව ඔවුන් සිදු කළ කිසිදු ව්‍යාපෘතියක් සම්බන්ධ තොරතුරු සනාථ කළ නොහැකි බවත් ඔවුන් රටවල් 20ක මහද්වීප 6ක ව්‍යාපෘති 37ක් සිදු කර ඇති බවට සදහන් නමුත් ඒ සම්බන්ධ කිසිදු භෞතික සාක්ෂියක් සොයා ගත නොහැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අනාවරණය කළේය.

මෙය ජාතික දේපල මංකොල්ලයක් බවත් වත්මන් ආණ්ඩුව තරගකාරි ක්‍රමවේදය වෙනස් කර මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ 2024 මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබන නිසා මෙවැනි අනීතික ගනුදෙනු හරහා මුදල් උපයා ගැනීමේ අරමුණින් දැයි සැකයක් මතුවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේම යුනයිටඩ් සෝලා ඉන්වෙස්ට්මන්ට් නම් ආයතනය ඔස්ටේ්‍රලියානු රජය විසින් 2023 මාර්තු 15 වැනිදා සිට වංචාකාරි ආයතනයක් ලෙස නම් කර එම ආයතනය සමඟ ගනුදෙනු නොකරන ලෙස දන්වා ඇති බැවින් මේ සම්බන්ධයෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදීන් විසින් රටට සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...