දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් ඉන්දීය පාර්ලිමේන්තුව කැළඹූ මහමොළකරු අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා ඉන්දීය පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමේ මහමොළකරු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලලිත් ජා නමැති මේ පුද්ගලයා එම සිදුවීමට පසුදින පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි පොලිස් ස්ථානයකට පැමිණ බාර වී ඇතැයි වාර්තා වේ.

වසර 2001 දෙසැම්බර් 13 වැනිදා ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ 22 වැනි සංවත්සරය යෙදී තිබූ දිනයේදීම මෙවැනි සිදුවීමක් වාර්තා වීම වැඩි අවධානයට ලක් වූ අතර, පහළ මන්ත්‍රී මණ්ඩලයේ සභා ගර්භයට කඩා පැන කථානායකවරයාගේ අසුන වෙත දිව ගිය පුද්ගලයා සහ ගැලරියේ සිට දුම් බෝම්බ දැල්වූ පුද්ගලයාට අමතරව පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතදී දුම් බෝම්බ දැල්වූ කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට පත් වී තිබිණි.

ලලිත් ජා

අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට ත්‍රස්ත විරෝධී පනත යටතේ චෝදනා ගොනු කිරීමට නියමිතව ඇතැයි ද වාර්තා වන අතර, වයස අවුරුදු 20 ගණන්වල සහ 30 ගණන්වල පසුවන එම පුද්ගලයන් විරැකියාවෙන් පෙළෙන බවත්, උද්ධමනය සහ මනිපූර් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළු බරපතළ කාරණා පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක් කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මේ දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, දුම් බෝම්බ ප්‍රහාරය මාස 18ක් පුරා සැලසුම් කළ බවත්, ඒ අතරතුර කාලයේ එම පුද්ගලයන් අතර රැස්වීම් ගණනාවක් සහ පෙරහුරුවක් පවත්වා ඇති බවයි.

තවදුරටත් හෙළිවී ඇති තොරතුරු අනුව, දුම් බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ බව කියන ලලිත් ජා එවකට ඉංග්‍රීසි ආධිපත්‍යයට එරෙහිව සටන් කළ නිදහස් අරගලයේ ජනප්‍රිය නායකයකු වූ භගාත් සිංගේ අරගලයෙන් ලද උත්තේජනය මත මේ ක්‍රියාව සිදු කර ඇති බවයි.

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...